
රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදේව් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ප්‍රහාරක න්‍යෂ්ටික සබ්මැරීන දෙකක්, රුසියාවට පහර දිය හැකි ආකාරයට රුසියාව අසල මුහුදට යවා ස්ථානගත කළේය.
ට්‍රම්ප්ගේ මෙම ක්‍රියා කලාපය තෙවැනි ලෝක යුද්ධයට අතවැනීමක් යැයි දේශපාලන විහ්ලේෂකයෝ බිය පළ කරති. ට්‍රම්ප් සහ මෙඩ්වදේව් අතරේ අර්බුදයක් නිර්මාණය වූයේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වි සිටී.
සටන් විරාමයකට යන්නැයි ට්‍රම්ප් දිගින් දිගටම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටියත්, පුටින් සටන් විරාමයකට කැමැත්තක් දක්වා නැත.
එබැවින් ට්‍රම්ප් රුසියාවට තර්ජනය කළේ දින 12 ක් ඇතුළත සටන් විරාමයකට නොයන්නේ නම්, රුසියාවට එරෙහිව දැනට පනවා ඇති සම්බාධකවලට අමතරව, සියයට 100 ක තීරු බදු පනවන බවය.
මෙය රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදේව් විරෝධයට හේතුවක් වූ අතර, මෙඩ්වදේව් පැවැසුවේ, ඇමෙරිකාවට එරෙහිව සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ පටන් රුසියාව සතුව පවතින න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රුසියාව පසුබට නොවන බවය. ට්‍රම්ප් ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ප්‍රහාරක න්‍යෂ්ටික සබ්මැරීන දෙකක්, රුසියාව අසල මුහුදට යැවීම කළේ ඒ අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd