
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, රුසියානු හමුදා අල්ලාගෙන ඇති යුක්රේනයට අයත් පළාත් ආපසු යුක්රේනයට ලබා දීමට උත්සාහ කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, එලැඹෙන 15 වැනිදා, ඇලෙස්කාවේදී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමිනි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා ඇත්තේ, රුසියාව විසින් අල්ලාගෙන ඇති යුක්රේනයේ පළාත් රුසියාවට අත්පත් කර කැනීමට ඉඩ දෙන ආකාරයේ එකඟතාවක් ජනාධිපති පුටින් සමඟ ඇති කර නොගන්නා ලෙසටය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ට්‍රම්ප් සහ පුටින් අතර මුහුණට මුහුණ හමුව පැවැත්වෙයි. රුසියානු ජනාධිපතිවරයා හමුවී විනාඩි දෙක තුනක් ඇතුළත ප්‍රගතියක් ලබා ගත හැකිද යන්න දැනගත හැකි බව ට්‍රම්ප් මෙහිදී මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.
හමුව අතතුර රුසියානු ජනාධිපතිවරයා සාධාරණ ගනුදෙනුවක් යෝජනා කළහොත් යුරෝපීය නායකයන් සමඟ ද ඒ ගැන කඩිනමින් සාකච්ඡා පවත්වන බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත. ඇලෙස්කාවේ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී වුවහොත්, ඊළඟ යටයේ සාකච්ඡා සඳහා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සාකච්ඡා සඳහා හවුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd