ඇමෙරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් නුවර, වානේ කම්හලක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන්, දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 10 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.

පිපිරීම සිදුවූයේ පිට්ස්බර්ග් නුවර වේලාවෙන් උදෑසන 10.51 ට පමණ යැයි ද පැවැසෙයි. පිපිරීමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිණි. පිපිරීමෙන් සහ ගින්නෙන් කම්හලට දැඩි හානි සිදුවිය.