
උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකරයට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ කඳුකරයේ හටගත් නායයෑම් හේතුවෙන් පහත් බිම්වල නිවාස සිය ගණනක් මුළුමනින්ම විනාශ වී ඇති අතර, 50 කට වැඩි පිරිසක් අතුරුදන් බව පැවැසෙයි.
ධරාලි නමැති කුඩා ගම්මානය නඳුකරයේ සිට ආ ප්‍රචණ්ඩ ජල පහරට හසුවී විනාශ වන අයුරුත්, පණ බේරා ගැනීමට දුවන ගම්වැසියන් ද සැඬ පහරට හසුවන අයුරුත් දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.
අතුරුදන් වුවන්ගෙන් සිවු දෙනකුගේ මළ සිරුරු මේ වනවිට හමුවී ඇති බවත්, අතුරුදන් වූ සෙසු පිරිස් සොයා සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවන බවත් බලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd