
නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉඩ සලසමින්, චීනයට දින 90 ක සහන කාලයක් ලබා දීමේ විධායක නියෝගයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය.
එම විධායක නියෝගයට අත්සන් තැබීමෙන් පසු, ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පැවැසුවේ, චීනය සමඟ පවතින වෙළෙඳ යුද්ධය අවසන් කරමින්, දෙරටටම වාසිවන ආකාරයේ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා චීනයට මෙසේ තවත් සහන කාලයක් ලබා දුන් බවය.
චීනය සහ ඇමෙරිකාව ලෝකයේ ප්‍රධානතම ආර්ථිකයන්ට හිමිකම් කියන ප්‍රබල රටවල්ය. එකිනෙකාට තීරු බදු පනවා ගනිමින්, ඇමෙරිකාව පළමුවෙන්ම වෙළෙඳ යුද්ධයකට පැටලුණේ චීනය සමඟය. අද ට්‍රම්ප් ලෝකයේ සෙසු රටවල්වලට ද තීරු බදු පැනවීම් කර තිබේ.
ට්‍රම්ප් පරිපාලනය චීන ආනයන මත සියයට 30 ක තීරුබදු පැනවීමක් සිදු කර ඇති අතර, එය තවත් ඉහළ දැමීමට ද සූදානම් වෙයි. ඇමෙරිකන් සහ චීන නියෝජිතයන් අතරේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙයි. දින 90 ක සහන කාලයක් චීනයට ලබා දීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත්තේ එවැනි පසුබිමකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd