
දින 12 ක් පැවැති ඊශ්‍රායල-ඇමරිකානු යුද්ධයේදී පාකිස්තානය දැක්වූ ස්ථීරසාර සහයෝගය අගය කිරීමට ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් පියවර ගෙන ඇත. ඒ, පාකිස්තාන සංචාරයේ දී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට ඒ බව පවසමිනි.
පාකිස්තානය ඉරානයට ලබා දුන් සහයෝගය, දෙරට අතර ඇති ගැඹුරු බැඳීම පෙන්නුම් කරන බව ද ඉරාන ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ඉස්ලාමාබාද් අගනුවරදී පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී පෙසෙෂ්කියාන් සඳහන් කර ඇත්තේ පාකිස්තාන රජය, පාර්ලිමේන්තුව, දේශපාලන කණ්ඩායම්, විද්වතුන් සහ ජනතාව දැරූ ස්ථාවරය ඉතාමත් සතුටුදායක බවය.
පසුගිය ජූනි 13 වනදා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී, ඉරාන හමුදා නිලධාරීන්, න්‍යෂ්ටික විද්‍යාඥයින් සහ සාමාන්‍ය වැසියන් ඇතුළුව අවම වශයෙන් 1,064 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මේ අතර, ඊශ්‍රායලය සමඟ පැවති දින 12ක ගැටුම හේතුවෙන් පනවා තිබූ සියලුම ගුවන් සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව ඉරාන සිවිල් ගුවන් සේවා සංවිධානය නිවේදනය කර ඇත.
එම සංවිධානය තම වෙබ් අඩවියේ පළ කළ ප්‍රකාශයකට අනුව, දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් යුද්ධයට පෙර පැවති තත්ත්වයට පත් කර ඇති බව පැවැසෙයි. ඉරානයේ තෙහෙරාන් අගනුවර පිහිටි මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද පැය 24 පුරාම සිය මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd