
ලොව කුඩාම රාජ්‍යය ස්ථාපිත කළ 20 හැවිරිදි ඕස්ට්‍රේලියානු තරුණයකු වන ඩැනියෙල් ජැක්සන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකට චරිතයක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඩැනියෙල් ජැක්සන් මැදිහත් වී නිර්මාණය කළ නව රාජ්‍යය වර්ඩිස් නිදහස් ජනරජය යන නමින් නිල වශයෙන් හැඳින්වෙන අතර, ඊට නිල ධජයක්, නිල ලාංඡනයක්, අමාත්‍ය මණ්ඩලයක් සහ නිල මුදල් ඒකකයක් ද අයත් වෙයි.
වර්ඩිස් නිදහස් ජනරජය පිහිටා ඇත්තේ, ක්‍රොඒෂියාව සහ සර්බියාව අතරේ ඩැනියුබ් නදිය අසල පිහිටි අක්කර 125ක වනාන්තර ප්‍රදේශයකය. ක්‍රොඒෂියාව සහ සර්බියාව අතරේ පවතින දේශසීමා ගැටුම් හේතුවෙන්, මෙම ප්‍රදේශය කිසිවකුටවත් අයිති නොවන බැවින්, ඒ බව දැනගෙන ඩැනියෙල් ජැක්සන් මෙම භූමි ප්‍රදේශයේ වර්ඩිස් නිදහස් ජනරජය පිහිටුවූයේ 2019 වසරේදීය. මෙය ලොව කුඩාම රාජ්‍යය ලෙස පිළිගෙන ඇති අතර, වතිකානයටත් වඩා මෙය ප්‍රමාණයෙන් කුඩා බව පැවැසෙයි.
වර්ඩිස් නිදහස් ජනරජයේ ජනාධිපති ධුරය හොබවන්නේ ද ඩිජිටල් නිර්මාණකරුවකු ද වන ඩැනියෙල් ජැක්සන් ය. වර්ඩිස් නිදහස් ජනරජයේ පුරවැසියන් ගණන අද වනවිට 400 ක් යැයි ද පැවැසෙයි. ජැක්සන්, මෙම නව රාජ්‍යය ස්ථාපිත කිරීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 18 දීය.
වර්ඩිස් නිදහස් ජනරජයේ නිල භාෂා වන්නේ ඉංග්‍රීසි, ක්‍රොඒෂියානු සහ සර්බියානු වන අතර, මුදල් ඒකකය ලෙස යුරෝ භාවිතා කරයි. මෙම කුඩා රාජ්‍යයට ප්‍රවේශවීම කළ හැක්කේ, ක්‍රොඒෂියාවේ ඔසියෙක් නගරයේ සිට බෝට්ටුවකින් පමණි. වර්ඩිස් නිදහස් ජනරජයේ සෑම පුරවැසියකුටම ගමන් බලපත්‍රයක් ද හිමිය.
නව රාජ්‍යයේ පදිංචිවීම ජනාධිපති ධුරය හොබවන ඩැනියෙල් ජැක්සන්ටත් එහි වැසියන්ටත් ගැටලුවක් වී ඇත. ඒ, ක්‍රොඒෂියානු රජයෙන් එල්ල වන විරෝධයයි. 2023 ඔක්තෝබරයේ, ක්‍රොඒෂියානු පොලිසිය ජැක්සන් ඇතුළු පදිංචිකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත්තේ, යළි පැමිණීම දිවිඇතිතෙක් තහනම් කරමිණි. ජැක්සන් පවසන්නේ, තමන් පිටුවහල්ව සිට, වර්ඩිස් නිදහස් ජනරජයේ කටයුතු මෙහෙයවන බවය.
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොව කුඩාම රාජ්‍යය යළිත් මාධ්‍ය අවධානයට