ගාසා තීරය සම්පූර්ණයෙන් අත්පත් කරගැනීම සදහා වන අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්මට ජර්මනිය ඇතුළු යුරෝපා බටහිර රටවලින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

ගාසා තීරය සම්පූර්ණයෙන් අත්පත් කරගැනීම සදහා වන අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ එම යෝජනාවට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමි වී ඇත.

ගාසා තීරයේ සම්පූර්ණ බලය ඊශ්‍රායලය අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නම්, තමන් ඊට කිසිදු විරෝධයක් නොදක්වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇත.