ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයේ වහලයේ සිට, පහළ රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතුවේය. 

ට්‍රම්ප්ගේ මෙම අසාමන්‍ය ක්‍රියාව, පහළ සිටි මාධ්‍යවේදීන්ට ප්‍රහේලිකාවක් වූ අතර, ඔවුන් ඒ ගැන විමසා සිටියත්, ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැත. 

‘ජනපතිතුමනි, මොකද වහලයට වෙලා කරන්නේ? පහළට ඇවිත් අපිත් එක්ක කතා කරන්න? මොකක් හරි අලුත්වැඩියාවක් කරන්න ද හදන්නේ?’ යැයි පහළ සිටින මාධ්‍යවේදීන් කෑකෝ ගසමින් ප්‍රශ්න කළ නමුත් ට්‍රම්ප් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැත.

ට්‍රම්ප්, ධවල මන්දිර වහලයට ගොස් සිටියේ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සමඟය. ධවල මන්දිර වහලේ කිසියම් අලුත්වැඩියාවක් කිරීමට තමන් සූදානම් බව ට්‍රම්ප් අභිනයෙන් මාධ්‍යවේදීන්ට පෙන්වීය.