
දිනෙන් දින ඉහළ යන අපරාධ මැඩලීමේ අරමුණින්, වොෂින්ටන් අගනුවරට ජාතික ආරක්ෂක බලකාය කැඳවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.
ජාතික ආරක්ෂක බලකාය යනු හමුදා බලඇණියකි. හදිසි තත්වයකදී මෙම හමුදා බලකාය කැඳවා ආරක්ෂාව තහවුරු කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත.
ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සොල්දාදුවන් 800 ක පිරිසක් වොෂින්ටන් අගනුවරට යැවූ බවය.
අපරාධ මැඩලීමේ දී එම සොල්දාදුවන්ගේ සහාය පොලිස් නිලධාරීන්ට හිමිවනු ඇතැයි ද පෙන්ටගනය වැඩි දුරටත් පවසා ඇත.
වොෂින්ටන් අගනුවර, ලක්ෂ 7 ක පිරිසක් වාසය කරති. අගනුවර අපරාධ ඉහළ යන බව පවසමින්, නිවෙස් අහිමි යාචකයන්, නගරයෙන් ඉවතට ගෙන ගොස් පදිංචි කිරීමට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
කෙසේ නමුත් අපරාධ මැඩලීමට යැයි පවසමින්, ඇමෙරිකන් ජනාධිපතිවරයා වොෂින්ටන් අගනුවරට හමුදාව යෙදවීම සම්බන්ධයෙන් වොෂින්ටන් වැසියන්ගේ දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd