ඇමෙරිකාවේ, මොන්ටානා ජනපදයේ, කැලිස්පෙල් නගරයේ ගුවන් තොටුපළකට ගොඩබස්වන ලද කුඩා ගුවන් යානයක් නවතා තිබූ මගී ගුවන් යානායක ගැටී විනාශ වී ගින්නක් ද හටගත්තේය.

අනතුරින් කිසිවකුටවත් බරපතල තුවාල සිදුවූයේ නැත. කුඩා සැහැල්ලු ගුවන් යානයේ සිවු දෙනෙකු සිටි බවත්, යානය ඇමෙරිකාවේ වේලාවෙන් පස්වරු 2 ට පමණ මෙම අනතුර සිදුවුණු බවත් පැවැසෙයි.

මූලික විමර්ශන අනුව, සැහැල්ලු ගුවන් යානයේ නියමුවාට ගුවන්පථය මඟ හැරුණු බැවින් මෙම අනතුර සිදුවුණු බව පැවැසෙයි.