IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රාහුල්-ප්‍රියංකා අත්අඩංගුවට

ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට එරෙහිව, දිල්ලියේ මැතිවරණ කොමිසම් කාර්යාලයට විරෝධතා පා ගමනක් යමින් සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි, සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි සහ විපක්ෂ ක්‍රියාකාරීන් සහ විපක්ෂ මන්ත්‍රීහු 30 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.

මෙම විරෝධතා පා ගමන මෙහෙයවූයේ රාහුල් සහ ප්‍රියංකා නියෝජනය කරන ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයයි. කොංග්‍රස් පක්ෂයට සහාය දක්වන සෙසු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයෝ ද විරෝධතා පා ගමනට එක් වූහ.

රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් පක්ෂය, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට චෝදනා කරන්නේ, තමන් පරාජය වූ ප්‍රාන්තවල ඡන්දදායකයන්ගේ නම්  මැතිවරණ ලැයිස්තුවලින් ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවටය.

විරෝධතා පා ගමනට 300 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර, පොලිසිය ඔවුන්ට හරස් විය. අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පිරිස බස් රථවලින් රැගෙන ගිය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

‘මෙය දේශපාලනික සටනක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනීමේ සටනක් බවත්,  අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඔවුන්ට වාසිදායක වන අයුරින්, ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කරනවා’ යැයි රාහුල් ගාන්ධි මාධ්‍ය හමුවේ පවසා ඇත.

බිහාර් ප්‍රාන්ත මැතිවරණය මෙම වසර අවසානයේ පැවැත්වෙයි. එම මැතිවරණයට සූදානම් වෙද්දී, මේ අයුරින් මැතිවරණ ලැයිස්තු සංශෝධනය කිරීම කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව රාහුල් ගාන්ධි වැඩි දුරටත් පවසා ඇත.



අදහස් (0)

රාහුල්-ප්‍රියංකා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site