
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලබන සතියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් නියෝජිතයන් හමුවීමට නියමිත බව ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය.
නිව්යෝක් ටයිව්ස් පුවත්පතට අනුව, ට්‍රම්ප් හමුවීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් නියෝජිතයන් එකඟ කරගැනීමට හැකිවී ඇත්තේ, ට්‍රම්ප් නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, රුසියානු නියෝජිතයන් සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුවය. එම සාකච්ඡා ඉතා සාර්ථක වූ බව ධවල මන්දිරය පෙන්වා දී ඇත.
එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ද ප්‍රමුඛ රුසියන් රජයේ නියෝජිතයන් පිරිසක් පළමුවෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය. ට්‍රම්ප් සහ පුටින් අතර හමුව ඉන් අනතුරුව සිදුවනු ඇත.
එම හමුවේ සාර්ථකත්වය අනුව ට්‍රම්ප්, පුටින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සම්බන්ධ කර ගනිමින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා පවත්වනු ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් යුරෝපා නාකයනක් සමඟ ද සාකච්ඡා පවත්වා ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප් පුටින් මුහුණට මුහුණ හමුවකට සූදානම්