ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානුවන්ට හෝ ඇමෙරිකන් කඳවුරුවලට හෝ ඉරානය ප්‍රහාරයක් එල්ල කළොත්, ඇමෙරිකාව නිකරුණේ බලා නොසිටින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරානයට අනතුරු ඇඟවීය. 15 June 2025
ඇමෙරිකන් මන්ත්‍රීවරියකට වෙඩි ප්‍රහාරයක් ඇමෙරිකාවේ ජනපද මන්ත්‍රීවරියක සහ ඇගේ සැමියා වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඝාතනය කර ඇත්තේ මිනසෝටා මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ මිනසෝටා ජනපද නියෝජිත මෙලීසා හෝට්මන් සහ ඇගේ සැමියා යැයි ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත. 15 June 2025
යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ඉරානයට කළ පහර දීමෙන් පසු, යේමනයේ සිටින ඉරාන හිතවාදී හවුති සටන්කාමීන් ද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. කෙසේ නමුත් එම මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දැමීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් විය. 14 June 2025
පුටින් මැදිහත් වෙන්න කැමතියි තමන් මැදිහත්වී අර්බුදය අවසන් කිරීමට සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 14 June 2025
ඊශ්‍රායලයේ උදවුවට ආවොත් බලාගෙනයි ඊශ්‍රායලය සමඟ යුදගැටුමක පැටලී සිටින ඉරානය ඇමෙරිකාවට, මහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට අනතුරු ඇගවීමක් කළේය. 14 June 2025
ඉරානයට කළ ප්‍රහාරය සාර්ථකයි ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 14 June 2025
ප්‍රමාදය පසුතැවිල්ලක් නොවෙයි ප්‍රමාදය පසුතැවිල්ලට හේතු නොවෙයි කියමින්, අනතුරට පත්වී කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ ගමන් කිරීමට නියමිතව සිටි භූමි චෞහාන් නමැති කාන්තාවක් සිය අදහස් දක්වා ඇත. 14 June 2025
ගැටුම ගැන ඉන්දියාව කනස්සල්ලෙන් ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගත් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කර ඇත. 14 June 2025
අනතුරින් බේරුණු රමේෂ් හමුවන්න මෝදි ගිහිල්ලා ඉන්දීය ගුවන් අනතුරින් දිවි ගලවා ගත් 40 හැවිරිදි විශ්වාෂ් කුමාර් රමේෂ් නමැති ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයා, ඉන්දියාවට පැමිණ ආපසු යද්දී මෙම අනතුරට මුහුණ දුන් බව පැවැසෙයි. 13 June 2025
යානයේ කළු පෙට්ටියක් හමුවෙලා කඩා වැටුණු ‘එයාර් ඉන්දියා’ මගී යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව යානය අනතුරට ලක්වුණු අයුරු ගැන හෝඩුවාවක් ලබා ගැනීමට හැකි වේවි යැයි විශ්වාස කෙරේ. 13 June 2025
ඉන්දියාව කැලඹූ ගුවන් අනතුරු අහමදාබාද් නුවර සිදුවුණු ගුවන් යානා අනතුර ඉන්දියාව පමණක් නොව, මුළු ලෝකයම කැලැඹීමට සමත් වී ඇත. මෙය ඉන්දීය ගුවන් ගමන් ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගුවන් අනතුරක් ලෙස සැලකෙයි. 12 June 2025
අගමැති මෝදි සොව පළ කරයි එයාර් ඉන්දියා ගුවන් යානයේ අනතුර සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඒ, එක්ස් ගිණුම හරහා සටහනක් පළ කරමිනි. 12 June 2025
යානයේ දෝෂයක්දැයි සැකයක් එයාර් ඉන්දියා 171 ගුවන් යානය කඩා වැටුණේ යානයේ දෝෂයක් නිසා යැයි සැක කෙරේ. 12 June 2025
204 දෙනකුගේ සිරුරු හමුවෙලා අනතුරට පත් වී කඩා වැටුණු එයාර් ඉන්දියා 171 බෝයිං ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයේ සිටි දෙසිය හතලිස් දෙදෙනාගෙන් 204 දෙනකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව අහමදාබාද් පොලිසිය පවසයි. 12 June 2025
මගීන් 242ක් සමග එයාර් ඉන්දිය යානයක් කඩා වැටේ ඉන්දියාවේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර තෙක් පියාසර කිරීමට ගුවන්ගත වූ ඉන්දීය මගී ගුවන් යානයක් කඩා වැටුණි. ගුවන් යානයේ මගීන් 242 දෙනකු සිටි බව මාධ්‍ය වාර්තා කරයි. 12 June 2025
ඉන්දීය විදෙස් ඇමැති ජයිශංකර් බෙල්ජියමේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් බෙල්ජියමේ නිල සංචාරයක් ආරම්භ කර ඇත. 12 June 2025
ඉලොන් මස්ක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි හටගත් විරසකයට තිත තබමින්, ඇමෙරිකා බිලියනපති ඉලොන් මක්ස්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලීමක් කළේය. ඒ දුරකතන ඇමතුමක් දෙමිනි. 12 June 2025
ඇමෙරිකන් චීන වෙළෙඳ සාකච්ඡා ලන්ඩන් අගනුවර තීරු බදු සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීමට, ඇමෙරිකාවත් චීනයත් අතරේ වෙළෙඳ සාකච්ඡා යළිත් වරක් ලන්ඩන් නුවරදී ආරම්භ විය. 11 June 2025
දකුණු අප්‍රිකා පාසල් බසයක් ගසාගෙන යයි දකුණු අප්‍රිකාවේ පාසල් දරුවන් රැගත් බස් රියක් හදිසි සැඬ පහරට හසුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සැඬ පහරට හසුවී ගසාගෙන ගිය බස් රියේ දරුවන් 30 දෙනකු පමණ සිටි බවය. බේරා ගැනීමට හැකිවූයේ දරුවන් තිදෙනකු බව ද පැවැසෙයි. 11 June 2025
පාසලේ වෙඩි තැබීම: යුරෝපා නායකයෝ කම්පා වෙති ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කම්පා වෙමින්, යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ සිය කනගාටුව පළ කර ඇත. 11 June 2025
අත්අඩංගුවේ සිටි ග්‍රෙටා ආපසු ස්වීඩනයට ගාසා තීරයේ අසරණ වූ පලස්තීන වැසියන්ට ආධාර රැගෙන යමින් සිටියදී ඊහ්‍රායල හමුදා අත්අඩංගුවට පත්වුණු ස්වීඩන ක්‍රියාකාරිනී ග්‍රෙටා තන්බර්ග් ප්රමුඛ සෙසු ක්‍රියාකාරීන් යළි ඔවුන්ගේ රටවලට පිටුවහල් කිරීමට ඊශ්‍රායල රජය කටයුතු කළේය. 11 June 2025
‘කේ පොප්’ කොල්ලෝ හමුදා සේවය අවසන් කරති සුප්‍රසිද්ධ කේ පොප් - ‘බීටීඑස්’ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු වන ‘ආර්.එම්.’ සහ ‘වී’ දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය අවසන් කර ඇත. ‘ආර්.එම්.’ සහ ‘වී’ එරට හමුදාවට සමුදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 11 June 2025
ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිය සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව පැවැත්වෙන විරෝධතා උත්සන්න වීමත් සමඟ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය පනවා ඇත. 11 June 2025
මනිපූර් නොසන්සුන් ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය නොසන්සුන් බව පැවැසෙයි. ඒ, ජනවාර්ගික කණ්ඩායමක නායකයන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා හටගෙන ඇති බැවිනි. 10 June 2025
ඔස්ට්‍රියාවේ වෙඩි තැබීමක් ඔස්ට්‍රියාවේ ග්‍රාස් නුවර පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පාසල් දරුවන් ද ඇතුලු 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 10 June 2025
නේපාලයේ මව්කිරි බැංකුවක් නේපාලයේ පළමු වරට ළදරුවන්ට මව්කිරි අවහශ්යතා වෙනුවෙන් මව්කිරි බැංකුවක් ස්ථාපිත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 10 June 2025
බංග්ලාදේශ අන්තර්වාර පාලකයා එංගලන්තයේ බංග්ලාදේශ අන්තර්වාර රජයේ පාලක මණ්ඩලයට නායකත්වය දෙන මුහම්මද් යූනුස් එංගලන්තයේ සංචාරයකට යෑමට සූදානම් වෙයි. ඉකුත් මාස 10 ක කාලයේ මුහම්මද් යූනුස්, විදෙස් සංචාරයක මෙසේ නියැලෙන්නේ 11 වැනි වරටය. 09 June 2025
පාප්තුමා ප්‍රමාදයට සමාව ඉල්ලයි 14 වැනි ලියෝ පාප්තුමා නයිසියා කවුන්සිලයේ, 1700 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පැවැති ඓතිහාසික සමුළුවට සහභාගී වූ අතර, ඔහු සමුළුව ඇමතීමට පෙර රැස්ව සිටි ක්‍රිස්තියානි නායකයින් අමතමින් පළමුවෙන් ම කළේ සමාව ඉල්ලීමය. ඊට හේතුව පාප්තුමන් සමුළුවට පැමිණියේ සුළු ප්‍රමාදයක් සහිතව වීම නිසාය. 09 June 2025
තායිලන්ත කාම්බෝජ දේශසීමා අර්බුදයක් කාම්බෝජය ඔවුන්ගේ දේශසීමාවේ හමුදා බලය වැඩි කිරීමත් සමඟ ඊට පතිචාර වශයෙන් තමන් ද තම දේශසීමාවේ හමුදා බලය වැඩි කිරීමට තීරණය කළ බව තායිලන්ත ආරක්ෂක අමාත්‍යවරයා පැහැදිලි කර ඇත. 09 June 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026