(එන්.ඩී.ටීවී.)

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් ගණනාවකින් ආනයනය කරන භාණ්ඩ සඳහා 41% දක්වා වූ නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කර අවසන්ය.
ට්‍රම්ප් පරිපාලනය පැහැදිලි කර ඇති ආකාරයට, මෙය සිදු කර ඇත්තේ වෙළඳ හිඟයන් අවම කර ගැනීමේ අරමුණින්, හදිසි බලතල භාවිත කරමිනි. මෙම නව ගාස්තු අද (අගෝස්තු 1 වැනිදා) සිට ක්‍රියාත්මක වෙයි.
පහත දැක්වෙන්නේ රට අනුව නව ගාස්තු අනුපාත ලැයිස්තුවයි:
- ඇෆ්ගනිස්ථානය: 15%
- ඇල්ජීරියාව: 30%
- ඇන්ගෝලාව: 15%
- බංගලාදේශය: 20%
- බොලිවියාව: 15%
- බොස්නියා සහ හර්සගොවිනා: 30%
- බොට්ස්වානා: 15%
- බ්‍රසීලය: 10%
- බෲනායි: 25%
- කාම්බෝජය: 19%
- කැමරූන්: 15%
- චැඩ්: 15%
- කොස්ටාරිකාව: 15%
- කෝට් ඩි'අයිවෝර්: 15%
- කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය: 15%
- ඉක්වදෝරය: 15%
යුරෝපීය සංගමය: 0%–15% එක්වටෝරියල් ගිනියාව: 15% ෆෝක්ලන්ඩ් දූපත්: 10% ෆීජි: 15%ඝානාව: 15% ගයනාව: 15% අයිස්ලන්තය: 15% ඉන්දියාව: 25% ඉන්දුනීසියාව: 19% ඉරාකය: 35% ඊශ්‍රායලය: 15% ජපානය: 15% ජෝර්දානය: 15% කසක්ස්තානය: 25% ලාඕසය: 40% ලෙසෝතෝ: 15% ලිබියාව: 30% ලිච්ටෙන්ස්ටයින්: 15% මැඩගස්කරය: 15% මලාවි: 15% මැලේසියාව: 19% මොරිටානියාව: 15% මෝල්ඩෝවා: 25% මොසැම්බික්: 15% මියන්මාරය: 40% නැමීබියාව: 15% නාවුරු: 15% නවසීලන්තය: 15% නිකරගුවාව: 18% නයිජීරියාව: 15% උතුරු මැසිඩෝනියාව: 15% නෝර්වේ: 15% පාකිස්තානය: 19% පපුවා නිව්ගිනියාව: 15% පිලිපීනය: 19% සර්බියාව: 35% දකුණු අප්‍රිකාව: 30% දකුණු කොරියාව: 15% ශ්‍රී ලංකාව: 20% ස්විට්සර්ලන්තය: 39% සිරියාව: 41% තායිවානය: 20% තායිලන්තය: 19% ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ: 15% ටියුනීසියාව: 25% තුර්කිය: 15% උගන්ඩාව: 15% එක්සත් රාජධානිය: 10% වනුවාටු: 15% වෙනිසියුලාව: 15% වියට්නාමය: 20% සැම්බියාව: 15% සිම්බාබ්වේ: 15%

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගනිස්තානය 15% ලන්කාව 20% NPP ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික අතින් තාලේබාන්ලාට වඩා දුර්වලයි... අයියෝ...
ජය වේවා. එය විශාල ජයග්‍රහණයක්...
5% ක වාසියට ඉන්දියාවෙන් බඩු අරන් යවන්න පුළුවන්. 20% ක වාසියට මියන්මාරයේ අරන් යවන්නත් පුළුවන්...
මාලිමා ආණ්ඩුව නිසා අනිත් රටවලටත් තීරුබදු අඩු කරලා. ඔන්න වැඩ. කෙසේ වෙතත් අදයත් මහින්ද සමරසිංහ මහතා (ඔහු මාලිමාවෙක් නොවේ), ඇමරිකාව සමඟ කරන හැම සාකච්ඡාවක්ම මෙහෙයවන වග දැනගතිමි...