
දිගින් දිගටම යුක්රේනයට පහර දෙන රුසියාව සම්බන්ධයෙන් තමන් දැඩි ගෙස කලකිරීමෙන් පසුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට රුසියන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උනන්දුවක් නොදැක්වීමය. රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවර ද පිහිටි කීව් දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් යුක්රේන වැසියෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
යුක්රේන හමුදාව පැවැසුවේ, රුසියන් හමුදා කීව් දිස්ත්‍රික්කයේ ස්ථාන 27 කට ප්‍රහාර එල්ල කළ බවය. ප්‍රහාරවලින් මියගිය 18 දෙනා අතරේ අවුරුදු 6 ක් වයසැති දරුවකු සිටින බවත්, ප්‍රහාරවලින් 159 දෙනකු තුවාල ලබා ඇති බවත් යුක්රේන රජය පවසයි.
රුසියන් හමුදා යුක්රේනයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේ රුසියන් යුක්රේන යුද්ධය වහා අවසන් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් රුසියන් ජනාධිපති පුටින්ට දින 12 ක කාලයක් ලබා දී ඇති අවස්ථාවකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd