
තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් යුද උණුසුම සමනය කිරීමට චීනය ද මැදිහත් වී සිටින බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆු කොං මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, තායිලන්තය සහ කාම්බෝජය චීනයේ හොඳ අසල්වැසියන් පමණක් නොව, එකිනෙකාගේ මිත්‍රශීලී අසල්වැසියන් සහ ආසියාන් සංගමයේ වැදගත් සාමාජිකයන් බවය.
ආසියාන් සංගමය සැමවිටම සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගැනීමේ සම්ප්‍රදායට අනුගත වී ඇති බැවින්, තායිලන්තය සහ කාම්බෝජය අතරේ සාමය ස්ථාපිත වනු ඇතැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆු කොං පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd