
ඇමෙරිකාවේ, මිචිගන් ජනපදයේ වෝල්මාට් සුපිරි වෙළෙඳසැලක සිදු කළ පිහි ප්‍රහාරයකින් පුද්ගලයෝ 11 දෙනකු තුවාල ලැබූහ.
රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිදෙනකුට සැත්කම් කිරීමට සිදුවුණු බවය.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ අයගෙන් හය දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර පස්දෙනකු කාන්තාවන් බව ද පැවැසෙයි.
ප්‍රහාරකයා ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත්තේ මිචිගන්හි පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැති අතර, මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd