
මාස ගණනක් තිස්සේ පැවැති මත ගැටුම් සහ වාද විවාදවලින් අනතුරුව, ඇමෙරිකාවත් යුරෝපා සංගමයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනුණි.
ස්කොට්ලන්තයට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලින් අතරේ පැවැති පෞද්ගගික සාකච්ඡාවලින් පසු මෙම නව වෙළෙඳ ගිවිසුම සඳහා එකඟත්වයක් ඇති කර ගැණුනු බව විදෙස් මාධ්‍ය පවසයි.
සාකච්ඡා පැවැත් වූයේ ට්‍රම්ප්ගේ ස්කොට්ලන්තයේ පිහිටි මන්දිරයේය. ට්‍රම්ප් සති අන්තයේ මෙම මන්දිරයට ගියේ ගොල්ෆ් ක්‍රීඩා කිරීමටය. මන්දිරය ඇත්තේ ගොල්ෆ් පිටියකය.
එම එකඟතාව අනුව, ඇමෙරිකාව සියලුම යුරෝපා සංගමයට පැනවූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 ක් තෙක් අඩු කෙරුණි. ඒ, සාමාජිකයන් 27 දෙනකුගෙන් යුත් යුරෝපා සංගමය, ඇතැම් නිෂ්පාදන සඳහා ශුන්‍ය ප්‍රතිශත තීරුබදු යටතේ අමෙරිකානු අපනයනකරුවන්ට සිය වෙළෙඳපොළ විවෘත කිරීමට එකඟත්වය පළ කිරීමෙන් පසුවය.
ගෝලීය වෙළෙඳාමෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන යුරෝපා සංගමය සහ ඇමෙරිකාව මෙලෙස එකඟත්වයක් ඇති කර ගැනීම සතුටට කරුණක් බව, යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලින් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd