උගන්ඩාවෙන් ඉබෝලා මරණයක් අප්‍රිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ කම්පාලා අගනුවරින් ඉබෝලා මරණයක් වාර්තා වේ. මරණයට පත් වී ඇත්තේ කම්පාලා අගනුවර මහ රෝහලේ හදියක බව පැවැසෙයි. 31 January 2025
‘බ්‍රික්ස්’ රටවලට ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘බ්‍රික්ස්’ සාමාජික රටවලට අනතුරු අඟවා ඇත. ‘බ්‍රික්ස්’ සාමාජික රටවල් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවය. 31 January 2025
චීන සමාගමක් මදි නොකියා බෝනස් දීලා චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර ගෙන ඇත. 31 January 2025
කටාර් එමීර් සිරියාවට කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, සිරියාවේ සංචාරකට සූදානම් වෙයි. අල් තානී, බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවට පැමිණෙන පළමු අරාබි නායකයා ලෙස ද සැලකෙයි. 30 January 2025
සටන්කාමී නායක අල් ෂාරා සිරියාවේ ජනාධිපති ධුරයට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අල්ලා ගැනීමට සහාය දුන් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාරා, එරට අන්තර්වාර ජනාධිපති ලෙස නම් කර තිබේ. 30 January 2025
ඇමෙරිකන් යානයක් හෙලිකොප්ටරයක හැපිලා ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ ඇමෙරිකන් හමුදාවට අයත් ‘බ්ලැක්හෝක්’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (29) රාත්‍රියේ පියාසර කරමින් තිබියදී එකිනෙක ගැටී අනතුරක් සිදුවිය. 30 January 2025
ඊශ්‍රායල අගමැතිට ට්‍රම්ප්ගෙන් ඇරැයුමක් තමන් හමුවීමට ධවල මන්දිරයට පැමිණෙන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට ඇරැයුම් කර ඇත. ඒ අනුව, නෙදන්යාහු ලබන 4 වැනිදා ධවල මන්දිරයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 29 January 2025
සාකච්ඡා කරන්න රුසියන් ජනපති පුටින් බයයි රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, තමන් සමඟ සාකච්ඡා පැවැත්වීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අකමැත්ත පළ කරන්නේ, ඔහු තමන්ට දක්වන බිය නිසා යැයි යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. 29 January 2025
සෙලෙන්ස්කී එක්ක සාකච්ඡා බෑ - පුටින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හැර, යුක්රේන රජයේ ඕනෑම කෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර ඇත. 29 January 2025
දකුණු කොරියානු යානයක් හිටිහැටියේ ගිනි අරන් දකුණු කොරියන‘එයාර් බූසාන්’ ගුවන් සේවයට අයත් ‘එයාර් බස් 321’ වර්ගයේ මගී ගුවන් යානයක්, එරට බූසාන් නුවරට ගිණිකොන දෙසින් පිහිටි ගිම්හේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට ඔන්න මෙන්න කියා තිබියදී ගිනි ගත්තේය. 29 January 2025
කුම්භමේලා සැණකෙළියේ තෙරපීමක් හින්දු බතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන, මහා කුම්භමේලා පූජා සැණකළිය අතරතුරේ හටගත් තෙරපීමකින් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 35 කි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසෙයි. කුම්භමේලා පූජා සැණකළිය පැවැත්වෙන්නේ වසර 144 කට පසුවය. 29 January 2025
බැංකොක් නුවර වායු දූෂණය දරුණුයි තායිලන්තයේ බැංකොක් අගනුවර වාතයේ ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි එරට කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. 28 January 2025
පුටින්ගෙන් මෝදිට පැසැසුම් සමාජ ආර්ථික සංවර්ධනය, විද්‍යාත්මක දියුණුව සහ ගෝලීය පිළිගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව විශාල ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බවත්, ඒ සියලු ජයග්‍රහණ පසුපස සිටින්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 28 January 2025
ජනපති ලුකෂෙන්කෝට ජය රුසියාව අසල පිහිටි, යුරෝපා රාජ්‍යයක් වන, බෙලරූසයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 1994 වසරේ සිට වසර 30 ක් තිස්සේ එරට බලයේ සිටින ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට යළිත් ජනවරමක් හිමිවිය. 28 January 2025
කොංගෝ ගෝමා නගරය කැරැලිකරුවන්ගේ ග්‍රහණයට අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ ගෝමා නගරය එරට බෙදුම්වාදී සන්නද්ධ කැරැලිකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ බව වාර්තා වේ. මෙම කැරැලිකරුවන් හැඳින්වෙන්නේ ‘එම් 23’ යන නමිනි. 28 January 2025
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පැනමා සංචාරයට සූදානම් ඇමෙරිකා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ නව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගෙන ඇත්තේ පැනමා රාජ්‍යය බව පැවැසෙයි. 28 January 2025
ටික්ටොක් මිලදි ගන්න ඉලොන් මස්ක් සැරැසෙයි ‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමට ‘ටෙස්ලා’, ‘සේප්ස් එක්ස්’ යන සමාගම්වල ප්‍රධානියා මෙන්ම ලොව අංක එකේ බිලියනපතියාද වන ඉලොන් මස්ක් ලංසු ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. 27 January 2025
කොරියන් යානයේ ඇන්ජිමක කුරුළු පිහාටු පසුගිය දෙසැම්බර් මාසයේ දී අනතුරට පත්වුණු කොරියන් මගී ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශන කණ්ඩායම්වලට, යානයේ එක් ඇන්ජිමක් තිබී කුරුලු පිහාටු හමුවී ඇත. 27 January 2025
ඊශ්‍රායල ලෙබනන් සටන් විරාමය සාර්ථකයි ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ලබන පෙබරවාරි දෙවැනිදා අවසන් වීමට නියමිතව තිබුණත්, එය තවත් දීර්ඝ කිරීමට ඊශ්‍රායල රජය මෙන්ම හිස්බුල්ලා සංවිධානය ද කැමැත්ත පළ කර ඇත. 27 January 2025
තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න සූදානම් කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු ඊශ්‍රායල හමාස් සටන් විරාමය සහ සාම සැලැස්ම තව දුරටත් ක්‍රියාත්මක වෙයි. සටන් විරාමය යටතේ මෙම සතිය ඇතුළත, හමාස් සංවිධානය ඔවුන්ගේ ග්‍රහණයේ පසුවන තවත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සය දෙනකු නිදහස් කිරීමට නියමිතය. 27 January 2025
සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක් සුඩානයේ එල් එෆාර් නගරයේ රෝහලකට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් 70 දෙනකු මියගිය බව පැවැසෙයි. 26 January 2025
ගත් තීරණය වෙනස් කරන්න ට්‍රම්ප් සූදානම් ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමට ගත් තීරණට වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන්ට දෙවරක් සිසිතා බැලීමට සිදුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. 26 January 2025
’ඊඕවින්’ බ්‍රිතාන්‍යය කලඹයි පැයට කිලෝ මීටර් 160 කට වඩා වැඩි වේගයකින් එක්සත් රාජඡානියට කඩා වැදුණු ’ඊඕවින්’ නම් සුළිකුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත ප්‍රාන්තවල මිලියනයකට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 26 January 2025
ට්‍රම්ප් ළැව් ගින්නෙන් හානි වුණු ප්‍රදේශයට යයි කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගිනිවලින් වැනසුණු ප්‍රදේශවල සංචාරය කරමින් සිදුවුණු විනාශය දැක ගැනීමට ඇමෙරිකන් නව ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය. 26 January 2025
එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙලා පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත. 26 January 2025
රුසියාවට පහර දෙන්න ඩ්‍රෝන යානා ඇවිල්ලා යුක්රේනය විසින් මොස්කව් නුවර පිහිටි රුසියානු තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් අගනුවර ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ පිරිපහදුව සහ පොම්පාගාරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය. 25 January 2025
ඊශ්‍රායල සෙබළියන්ට නිදහස ඊශ්‍රායල - හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරු හුවමාරුව අද (25) සිදුවෙයි. ඒ අනුව නිදහස් කිරීමට නියමිත හමාස් ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් සිවුදෙනා කවුරුන්දැයි හමාස් සංවිධානය ප්‍රසිද්ධියට පත් කර ඇත. 25 January 2025
සමරිසි විවාහ නීත්‍යාණුකූල වෙයි තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය පසුගිය 22 වැනිදා සිට ක්‍රියාත්මක විය. ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු එදින විවාහ ගිවිසගත් බව පැවැසෙයි. 25 January 2025
බිලියන ගණනක ආයෝජන ඇතිකර ගන්න කැමතියි සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් සල්මාන් කුමරු, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරය බාරගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතමින් පවසා ඇත්තේ ඉදිරි සිවු වසරක කාලයේ, සෞදි අරාබිය ඇමෙරිකාව සමඟ ඩොලර් බිලියන 600 ක ආයෝජන ඇති කර ගැනීමට සූදානම් බවය. 24 January 2025
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ක නෑ ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුව, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි. නියෝගයට අනුව, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම සිදුවනු ඇත්තේ 2026 ජනවාරි මාසයේ සිටය. 24 January 2025
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026