නාසා සඳ තරණය කල් යයි ඇමෙරිකාවේ නාසා ආයතනය, ගගනගාමීන් නැවත සඳට යැවීමේ අරමුණින් ’ආටිමිස්’ මෙහෙයුම් ආරම්භ කර ඇත. 08 December 2024
ට්‍රම්ප් විලියම් කුමරු හමුවක් යළි ගොඩනැගුණු නොත්‍රදාම් දේවස්ථානය ජනතාවට විවෘත කිරිමේ උත්සවයට පැරිස් අගනුවරට පැමිණි ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු අතඑ හමුවක් පැවැත්විණි. 08 December 2024
කැරැලිකරුවෝ සිරියාව අල්ලති: ජනපති රටින් පනී සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය බිඳ වැටුණි. 08 December 2024
සිරියානු කැරැලිකරුවෝ තවත් නගරයක් අල්ලති සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා, විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දක්වන සුන්නි මුස්ලිම් කැරැලිකරුවන් එරට තවත් නගරයක් වන ඩාරා අත්පත් කරගෙන ඇතැයි පැවැසෙයි. 07 December 2024
සිරියානු-ඉරාන-ඉරාක විදෙස් ඇමැතිවරු හමුවෙති සිරියාවේ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන්, සිරියානු, ඉරාක සහ ඉරාන විදේශ ඇමැතිවරුන් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි. 07 December 2024
නොත්‍රදාමය යළි ජනතාවට ප්‍රංශයේ නොත්‍රදාම් දේවස්ථානය වසර පහකට පසු යළි ජනතාවට විවෘත කෙරුණි. නොත්‍රදාමය යනු ප්‍රංශයේ අනන්‍යතාවයකි. 07 December 2024
කොරියන් ජනපති සමාව ඉල්ලයි හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් හිටිහැටියේ හමුදා නීතිය පැනවීම කළේ පසුගිය 10 වැනිදාය. එය ඔහුගේ පාලක පක්ෂයේ මන්ත්රීවර්රන්ගේත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේත් රටේ ජනතාවගේත් දැඩි විරෝධයට හේතුවිය. 07 December 2024
චීනයෙන් හමුවූ අද්භූත මානවයා වසර ලක්ෂ ගණනකට පෙර, අග්නිදිග ආසියාවේ ජීවත් වූ නව මානවයකු සොයා ගැනීමට, විද්යාඳායෝ සමත් වී සිටිති. සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට මෙම නව මානවයා සමත් වී ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. 06 December 2024
සැබෑ නත්තල් සීයාගේ රුව මෙන්න නත්තල සමඟ අපට දකින්න ලැබෙන්නේ නත්තල් සීයාය. ඉංග්‍රීසියෙන් නත්තල් සීයා යනු සැන්ටා ක්ලෝස්ය. සැන්ටා ක්ලෝස් හෙවත් චරිතය නිර්මාණය වී ඇත්තේ සැබෑ බිෂොප්වරයකුගේ චරිතය පාදක කර ගනිමිනි. 06 December 2024
රුසියන් විදෙස් ඇමැති ඇමෙරිකාවට දෙහි කපයි රුසියන් යුක්රේන යුද්ධය අවුළුවන්නේ ඇමෙරිකාව යැයි රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව්, ඇමෙරිකාවට චෝදනා කළේය. රුසියන් විදේශ ඇමැතිවරයා මෙසේ චෝදනා කළේ මෝල්ටා රාජ්‍යයේ ටාකාලී නගරයේ පැවැති ආරක්ෂක සහයෝගීතා සමුළුවට සහභාගී වෙමිනි. 06 December 2024
ධුරය අවසන් වෙනකල් ඉන්නවා - මැක්රොන් පස් අවුරුදු ජනාධිපති ධුර කාලය අවසන් වෙන තුරු තමන් ජනාධිපති ධුරයේ රැඳී සිටින බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කියයි. මැක්රොන්ගේ ජනාධිපති ධුරය අවසන් වෙන්නේ 2027 වසරේදීය. 06 December 2024
ඇෆ්ගන් කතුන් වෙනුවෙන් හඬ නගති ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවන් දෙදෙනකු වන රෂීඩ් ඛාන් සහ මොහම්මද් නාබි, ඇෆ්ගන් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සම්බන්ධයෙන් හඬ නගා ඇත. 06 December 2024
සිරියා කැරැලිකරුවෝ හාමා නගරය අල්ලති සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැලිකරුවන් හාමා නගරය අත්පත් කරගෙන ඇතැයි පැවැසෙයි. මේ වනවිට සිරියාවේ විශාලතම නගරය ලෙස සැලකෙන ඇලෙප්පෝ නගරයේ ද පළාත් කීපයක් ඇත්තේ මෙම කැරැලිකරුවන්ගේ ග්රහණයේය. 06 December 2024
නේපාලය අගමැති චීන ජනපති හමුවෙයි චීනයේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩපිළිවෙළට නේපාලය ද එක් වී සිටී. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී, චීනයේ බෙයිජීං අගනුවරට ගොස් ඡීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, චීනයට සමීප වී චීනය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ප්‍රතිඥා දුන්නේය. 05 December 2024
සිරකරුවෝ තවම නිදැල්ලේ බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලය අතරතුරේ, එරට බන්ධනාගාර ප්‍රධාන පහකින් අපරාධකරුවන් 2,200 දෙනකු පලා ගිය බවත්, එයින් 700 දෙනකු යළි අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හෝ පොලිසියට හෝ හැකියාවක් ලැබී නැතැයි පැවැසෙයි. 05 December 2024
හසීනා අන්තර්වාර නායකයාට දොස් කියයි ශිෂ්‍ය අරගලය හමුවේ ධුරයෙන් ඉවත් වී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනී, ෂෙයික් හසීනා පළමු වරට ප්‍රසිද්ධියේ බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායක මොහොමඩ් යූනුස්ට චෝදනා කළාය. 05 December 2024
සිරියාවේ හාමා නුවර දරුණු ගැටුම් සිරියාවේ හමා නුවර අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නා කැරැලිකරුවන් සහ සිරියානු රජයේ හමුදා අතරේ මේ වනවිට දරුණු ගැටුම් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 05 December 2024
ට්‍රම්ප් පත් කළ නාසා ප්‍රධානියා අයිසෙක්මන් ඇමෙරිකා ජාතික ගගන විද්‍යා සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් ‘නාසා’ ආයතනයේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ජෙරාඩ් අයිසෙක්මන් නම් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. 05 December 2024
ඇෆ්ගන් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුහුණු පංති නවත්වයි පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් ලෙස ඇත්්ගන් කාන්තාවන් පුහුණුවීම වැළැක්වීමේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය තීරණය කර ඇත. 04 December 2024
‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල ඇමෙරිකානුවන් මිලියන 1.1 ක් මරණයට පත් කළ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන්, ඇමෙරිකන් නීති සම්පාදකයන් වසර දෙකක විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර වාර්තාවක් ලබා දී ඇත. 04 December 2024
හිරේ ඉන්න ඉම්රාන්ට චෝදනා බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය නියෝග කර ඇත. ඒ, ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පසුගිය දින කීපයේ සිදු කළ විරෝධතා සම්බන්ධයෙනි. 04 December 2024
ගාසා තීරයේ උග්‍ර ආහාර අර්බුදයක් ගාසා තීරයේ දරුණු ආහාර අර්බුදයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන පලස්තීන වැසියන්ට ප්‍රමාණවත් ආහාර සැපයීමට බාධාවක් වීම ඊට හේතුව බව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇත. 04 December 2024
හමුදා නීතියට පාර්ලිමේන්තුව විරුද්ධයි දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසි හමුදා නීතිය පැනැවීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, එය අවහිර කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කළේය. 04 December 2024
සෙලෙන්ස්කිගෙන් යෝජනාවක් රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් ද කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 03 December 2024
ජෝ බයිඩන් ඇන්ගෝලාවේ බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ තවත් සති කීපයක් පමණකි. ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙනු ඇත්තේ ලබන ජනවාරියේය. 03 December 2024
ප්‍රාණ ඇපකරුවන් වහාම මුදා හරින්න ජනවාරි 20 වැනිදා, තමා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙර, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කළ යුතු යැයි ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ගාසා තීරයේ හමාස් සංවිධානයට පවසා ඇත. 03 December 2024
ගුටි කෙළියකින් 100 දෙනෙක් මරුට අප්‍රිකා රාජ්‍යයක් වන ගිනියාවේ, පාපන්දු ක්‍රීඩාංගනයක, ක්‍රීඩාලෝලීන් දෙපාර්ශ්වයක් අතරේ හටගත් ගැටුමකින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 200 කි. 02 December 2024
චීන බැලූනයක් තායිවානයට ඇවිල්ලා උතුරු තායිවානයට ඉහළින් අහසේ චීනයේ ඔත්තු නිරීක්ෂණ බැලූනයක් දකින්න ලැබුණු බව තායිවාන ආරක්ෂක අංශ පවසයි. ඔත්තු බැලීමට යොදා ගන්නා චීන යානයක් විදෙස් ගුවන් කලාපයට මෙසේ දකින්න ලැබුණේ මාස හයකට පමණ පසුවය. 02 December 2024
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 27 ක් මරුට අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ, නයිගර් නදියේ, මගීන් රැගෙන යාත්‍රා කරන්න වූ බෝට්ටුවක් පෙරළී යෑමෙන් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 02 December 2024
කණ්ණඩ නිළිය ශිවන්යා මියගිහින් කණ්ණඩ සිනමාවේත්, එරට රූපවාහිනියේත් ජනප්‍රිය නිළියක ලෙස ප්‍රසිද්ධ ශෝභිතා ශිවන්නා දිවි නසාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 02 December 2024
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026