
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදය කැලඹූ ප්‍රචණ්ඩ ජල ගැලීම්වලින් මියගිය ගණන ඊයේ (7) වනවිට, 82 දක්වා ඉහළ ගොස් ඇත.
මහ වැසි සමග හටගත් හදිසි ජල ගැලීම්වලින් වැඩිම බලපෑමක් එල්ල වූයේ කේර් ප්‍රාන්තයටය.
පසුගිය සති අන්තයේ හටගත් එම ජල ගැලීම්වලට හසුවීමෙන් අතුරුදන් වූවන් ගණන 41 ක් බවත්, ඔවුන් සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බව ද පැවැසෙයි.
මේ අතර ගං ඉවුරුවල, ගස් අතරේ තිබී මළසිරුරු හමුවී ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd