ලොස් ඇන්ජලීස් ළැව් ගිනි දරුණුයි ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයට අයත් ලොස් ඇන්ජලීස් නුවර ද අයත් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ දරුනු ලෙස ළැව් ගිනි පැතිරෙයි. ළැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. 08 January 2025
ටිබෙට් භූමි කම්පාවෙන් මියගිය ගණන දැන් 126 ක් ටිබෙට් නේපාල දේශසීමාවේ, ටිබෙටයට අයත් චීන පාලනය යටතේ පවතින පළාතක් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. 08 January 2025
HMPV වයිරසය ඉන්දියාවටත් චීනයේ පැතිරෙන, හියුමන් මෙටා නියුමෝ වයිරස් හෙවත් එච්.එම්.පී.වී. Human metapneumovirus (HMPV) වයිරස ආසාදිතයන් පළමු වරට ඉන්දියාවෙන් ද හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 07 January 2025
අසාද්ට වස දෙන්න හදලා සිරියානු කැරැල්ල ඔඩුදුවා, විපක්ෂ දේශපාලන කණ්ඩායම්, රටේ බලය අල්ලා ගනිද්දී, රුසියාවේ සහාය ඇතිව, රුසියාවට පලා ගිය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට වස දී ඇතැයි පැවැසෙයි. කෙසේ නමුත් අසාද්ට එයින් අනතුරක් සිදු වී නැත. 07 January 2025
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ඉන්දියාවේ ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන්, ඉන්දීය සංචාරයකට පැමිණ සිටී. ඉන්දු ඇමෙරිකා නැගි එන තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවට ද ජේක් සුලිවාන් සහභාගී වනු ඇත. 07 January 2025
ඉතාලි අගමැතිනිය ට්‍රම්ප් හමුවන්න ඇවිල්ලා ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියෝ මොලෝනී, ඇමෙරිකාවට පැමිණ, නිල නොවන මට්ටමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. 07 January 2025
කැනඩා අගමැති ටෲඩෝ ධුරයෙන් යන්න සැරැසෙයි කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ, ලිබරල් පක්ෂ නායකත්වයන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව එරට ‘ද ග්ලෝබල් ඇන්ඩ් මේල්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. 07 January 2025
පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත. 04 January 2025
වයස්ගතම රන් පදක්කම් ශූරිය සමුගනී ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය ලෙකස වාර්තා අතරට ගොස් සිටි, 103 හැවිරිදි ඇග්නස් ක්ලෙටි අභාවප්‍රාප්ත වූවාය. 04 January 2025
ට්‍රම්ප්ගේ නඩුවේ තීන්දුව 10 වැනිදා ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නඩු තීන්දුව ලබන 10 වැනිදා නියම කරනු ඇති බවත්, ට්‍රම්ප්ට දඩුවම් නියම කිරීමක් සිදු නොවනු ඇති බවත් පැවැසෙයි. 04 January 2025
වයිරස ව්‍යප්තිය ගැන බියක් එපා - චීනය චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවත්ය. 04 January 2025
චීනයේ තවත් කොරෝනා වයිරසයක් ‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති බවත් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් පවසයි. 03 January 2025
නිව්යෝක් රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ. 02 January 2025
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත. 02 January 2025
අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි. 02 January 2025
ජනපති ජින්පින් 2025 පිළිගනී 2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය. 01 January 2025
2025 පිළිගන්න ලොව පුරා සැමරුම් සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි. 01 January 2025
අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උදාව පිළිගත්හ. 01 January 2025
සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්‍රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත. එලෙස නව මහා බැංකු අධිපති ධුරය සඳහා පත්කර ඇත්තේ මීට පෙර සිරියානු මහ බැංකු නියෝජ්‍ය අධිපති ධුරයේ කටයුතු කළ මේසා සබ්රීන්ය. 31 December 2024
දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. 31 December 2024
අනතුරින් මියගිය අය හදුනා ගැනෙයි දකුණු කොරියාවේ ගුවන් අනතුරෙන් මියගිය පිරිස අතුරින් 141 දෙනෙකුගේ ඩී එන් ඒ විශ්ලේෂණය මගින් ඔවුන්ගේ අනන්‍යතාව හඳුනාගෙන ඇත. ඒ, ඩීඑන්ඒ වාර්තා සසදා බලමිනි. 31 December 2024
ෆොටෝ ගන්න උපදෙස් මාලාවක් චීනයට පැමිණෙන තායිවාන සංචාරකයින්ට ඡායාරූප ගැනීමේදී පරිස්සම් වන ලෙසත්, උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් චීන බලධාරීන් දැනුම් දී ඇත. 31 December 2024
ඉලොන් මස්ක් නිසා ආන්දෝලනයක් “ජර්මනිය සඳහා විකල්පය” (AfD) පක්ෂයේ නායිකාව වන ඇලිස් වීඩෙල්ගේ සමලිංගික සහකාරිය පිළිබඳව ඉලෝන් මස්ක් කළ ප්‍රකාශයක් හේතුවෙන් කසුකුසුවක් නිර්මාණය වී ඇත. 31 December 2024
රට පුරා රැඳවුම් මධ්‍යස්ථාන 200 ක් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට සහාය ප පළ කරමින් චීන රජය, රට පුරා විශේෂිත රැඳවුම් මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් ඉදි කර ඇති බවත්, දූෂණ චෝදනාවලට ලක්වන ඕනෑම අයකු නීතීඥ සහාය පවා නොමැතිව පවා මාස 6 ක් රඳවා තැබීමට මෙම රැඳවුම් මධ්‍යස්ථාන යොදා ගන්නා බව පැවැසෙයි. 30 December 2024
තවත් කොරියන් ගුවන් යානයකට අකරතැබ්බක් මුළු ලොවම කම්පා කරමින් අනතුරට පත් වුණ දකුණු කොරියානු ‘ජේජු’ ගුවන් සේවයට අයත් තවත් ගුවන් යානයක් ඊයේ (30) අකරතැබ්බකට මුහුණ දුන්නේය. ඒ, යානයේ රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත් සමඟය. 30 December 2024
ඉතියෝපියාවේ අනතුරක්: 71 ක් ජීවිතක්ෂයට ඉතියෝපියාවේ, සිඩාමා පළාතේ, මගීන් පටවාගත් ට්‍රක් රියක් ගංගාවකට පෙරැළීමෙන් එහි සිටි 71 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිඩාමා යනු දුෂ්කර පළාතක් බවත් එහි වැසියන් ගමන් බිමන්වල නියැලෙන්නේ ට්‍රක් රථවලින් බවත් පැවැසෙයි. 30 December 2024
කියානෝගේ නැතිවුණු ඔරලෝසුව හමුවෙලා කවුරුත් ආදරය කරන ජනප්‍රිය හොලිවුඩ් නළු කියානෝ රීව්ස්ගේ ‘රෝලැක්ස්’ වර්ගයේ වටිනා අත් ඔරලෝසුව චිලී රාජ්‍යයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 30 December 2024
ජිමී කාටර් සමුගනී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 100 කි. කාටර් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 1977 සිට 1981 දක්වා කාලයේය. ජෝර්ජියාවේ, ප්ලේන්ස් පිහිටි සිය නිවසේ දී හිටපු ජනාධිපතිවරයා අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි. 30 December 2024
දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක් තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට ආ දකුණු කොරියානු මගී ගුවන් යානයක් අනතුරට පත් විය. යානය අනතුරට පත් වූයේ එය දකුණු කොරියාවේ, මුවාන් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගනිද්දීය. 29 December 2024
පුටින් සමාව ඉල්ලයි අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය, පසුගිය නත්තල් දා කඩා වැටුණේ, රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව විමර්ශනවලින් තහවුරු වීමත් සමඟ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. 29 December 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026