බැලැස්ටික මිසයිල වැඩසටහනට සම්බාධක තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත. 20 December 2024
යුක්රේනය ආක්‍රමණය කරන්න තිබුණේ මීට කලින් රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 20 December 2024
අවසන් විදෙස් සංචාරයට ජනාධිපති බයිඩන් සූදානම් අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය. 20 December 2024
සිරියාවේ ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 2,000 ක් සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 20 December 2024
නවීන මාදිලියේ ලේසර් අවියක් අපට තියෙනවා කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි. 20 December 2024
අබිරහස් ඩ්‍රෝනවලින් ආරක්ෂාවට තර්ජනයක් නෑ: ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත්, එම ඩ්‍රෝන යානා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්රමුඛ රජය කියයි. 19 December 2024
ප්‍රබල භූමි කම්පාවක් වනවාටු දූපත් වනසයි රික්ටර් පරිමානයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් වනවාටු දූපත් කැලැඹිණි. වනවාටු යනු, දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දුපත් 80 කින් සමන්විත දුපත් සමූහයකි. 19 December 2024
සිරියාවේ බලය අල්ලන්න විපක්ෂයට උදවු කළේ තුර්කිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා රටේ බලය අල්ලා ගැනීමට එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සඑාය දුන්නේ තුර්කිය බවත්, තුර්කියේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් සතුට පළ කරන බවත් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 19 December 2024
කොරියන් සෙබළු 30 ක් යුද්ධයෙන් මැරිලා රුසියාවට සහාය දක්වමින් රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී සිටින උතුරු කොරියානු සොල්දාදුවන් බොහෝ දෙනකු මේ වනවිට යුක්රේන හමුදා ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් සෙබළුන් කීප දෙනකු තුවාල ලබා සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි. 19 December 2024
ටොම් කෲස්ට ඉහළම ගෞරව සම්මානයක් ඇමෙරිකන් නාවික හමුදාව, එරට සිවිල් වැසියන්ට පිරිනමන ඉහළම ගෞරව සම්මානය හොලිවුඩ් නළු ටොම් කෲස්ට පිරිනැමුවේය. ඒ, ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළුවකු ද වන ටොම් කෲස් සිය නිර්මාණ හරහා ඇමෙරිකන් හමුදාවට ප්‍රසිද්ධියක් ලබා දීම ඇගයීමට ලක් කරමිණි. 19 December 2024
සිරියාව ලෝකයට තර්ජනයක් නෑ සිරියාවෙන් අසල්වැසි රටවලට හෝ බටහිර රටවලට හෝ කිසිදු තර්ජනයක් නොමැති බව, එරට විපක්ෂයට සහාය දක්වමින් රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ නායකයා වන අහ්මද් අල් ෂාරා අවධාරණය කර ඇත. 19 December 2024
ඉන්දීය නාවික හමුදා බොට්ටුවක් මගී නෞකාවක හැපෙයි ඉන්දීය නාවික හමුදා භට පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබුණු කුඩා අධිවේගී බෝට්ටුවක්, මුම්බායි වෙරළට ඔබ්බෙන් අරාබි මුහුදේ දී මගී ප්‍රවාහන නෞකාවක ගැටී අනතුරක් සිදුවිය. 19 December 2024
ගෝලාන් කඳුකරයේ තවත් ජනාවාස පිහිටුවනවා සිරියාවට මැදිව පිහිටි ගෝලාන් කඳුකරයේ තමන් අත්පත් කරගත් පළාත්වල ඊශ්‍රායල ජනාවාස පිහිටුවීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා ඇත. 17 December 2024
සිරියාව ත්රස්තයන්ගේ අතේ සිරියානු විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් සිරියාව අල්ලා ගනිද්දී, රුසියාවට පලා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය. 17 December 2024
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 5 ක් මරුට ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුවන් සිටින බව පැවැසෙයි. 17 December 2024
ඉතිරි ‘බාලි නයින්’ සාමාජිකයෝ ඕස්ටේ්රලියාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීමේ වරදට, වසර 20 කට ආසන්න කාලයක් ඉන්දුනීසියාවේ සිරගතව සිටි ‘බාලි නයින්’ යන නමින් හැඳින්වෙන ඕස්ටේ්රලියානුවන් 9 දෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින පස් දෙනා නිදහස ලබා ආපසු ඕස්ටේ්රලියාවට පැමිණි බව වාර්තා වේ. 16 December 2024
සිරියාවත් ඊශ්‍රායලයත් අතරේ කිසිම ගැටුමක් නෑ ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කර ගැනීමට කටයුතු නොකරන බව, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට, එරට විපක්ෂයට සහාය දුන්, ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය සටන්කාමීගේ නායක අහ්මද් අල් ෂාරා කියයි. 16 December 2024
‘චිඩෝ’ කුණාටුව ප්‍රංශ දූපත කලඹයි ඉන්දීය සාගරයේ මැඩගස්කරය අසල පිහිටි, ප්‍රංශයට අයත්, ප්‍රංශ රජයේ පාලනය යටතේ පවතින, මායෝත් දූපත හරහා සුළි කුණාටුවක් හමා ගියේය. 16 December 2024
වැඩ බලන ජනාධිපති - බයිඩන් සාකච්ඡාවක් දකුණු කොරියානු වැඩ බලන ජනාධිපති ඩුක් සු සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. 15 December 2024
වායු දූෂණයෙන් මිලියන 16 ක් මැරිලා ඉන්දියාවේ පසුගිය දශකයක කාලයේ වායු දූෂණය හේතුවෙන් මියගිය ගණන මිලියන 16 ක් බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත. 15 December 2024
හිජාබයක් නැතිව ගී ගැයූ ගායිකාව අත්අඩංගුවට හිජාබයක් නොමැතිව යූ ටියුබ් හි සිය නිර්මාණයක් ඉදිරිපත් කිරීමත් පසුව 27 හැවිරිදි ඉරාන ගායිකා පැරස්ටූ අහමඩි අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. 15 December 2024
ට්‍රම්ප්ට මිලියන 15 ක් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 15 ක මුදලක් ගෙවීමට එරට ඒ.බී.සී. මාධ්‍ය ජාලය කටයුතු කළේය. ඒ, ට්‍රම්ප් zස්ත්‍රී දූෂකයකු යැයි’ ඒ.බී.සී. දිගින් දිගටම අසත්‍ය චෝදනා එල්ල කළ බැවිනි. 15 December 2024
ආක්ෂේ කුමාර්ට අනතුරක් බොලිවුඩ් සුපිරි නළු ආකේෂ් කුමාර් අනතුරකට ලක් වී ඇත. ඒ, ඔහු ’හවුස්ෆුල්’ චිත්‍රපට මාලාවේ පස්වැනි චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේදීය. 15 December 2024
සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන්ට ඇප මේ වනවිට වාර්තා පිට වාර්තා තබමින් ලොව පුරා තිරගත වන ‘පුෂ්පා 2’ චිත්‍රපටයේ, ප්රඡාන චරිතයට පණ දෙන, ජනප්‍රිය තෙලිගු නළු අල්ලු අර්ජුන් පසුගිය දා අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු ඇප මත නිදහස් කෙරුණි. 15 December 2024
‘මැන්ගෝ’ හිමිකරු අනතුරකින් මියයයි යුරෝපා රටවල පමණක් නොව ලොව පුරා අතිශය ජනප්‍රිය ‘මැන්ගෝ’ වෙළෙඳ සන්නාමයේ නිර්මාතෘ අයිසෙක් ඇන්ඩික් හදිසි අනතුරකින් මියගියේය. ‘මැන්ගෝ’ සන්නාමය යටතේ වෙළෙඳසැල් 2,800 කට වැඩි ගණනක් ලොව පුරා පිහිටුවා ඇත. 15 December 2024
සිරියානු සටන්කාමීන්ට ඇමෙරිකන් සහාය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීම සඳහා එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දුන්, ‘හයියාත් තර්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය බලඇණිය සමඟ ඇමෙරිකාව සෘජු සම්බන්ධකම් පවත්වන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තොනි බ්ලින්කන් පවසයි. 15 December 2024
කීර්ති සුරේෂ්ට මංගල සීනු දෙමළ, තෙළිගු සහ මලයාලම් සිනමා නිර්මාණ හරහා නිතර දකින්න ලැබෙන සම්මානනීය සුරූපී නිළි කීර්ති සුරේෂ්ගේ විවාහ මංගල උත්සවය පසුගිය දා ඉතාමත්චාම් අයුරින් දකුණු දිග ඉන්දියාවේ ගෝආ ප්‍රාන්තයේ දී පැවැත්විණි. 14 December 2024
හිටපු පාපන්දු ක්‍රීඩකයා ජෝර්ජියා ජනපති වෙයි ජෝර්ජියා ජනාධිපති ධුරය හිටපු පාපන්දු ක්‍රීඩකයකු ද වන 53 හැවිරිදි මිකෙල් කැවෙලෂ්විල්ට හිමි වනු ඇතැයි පැවැසෙයි. 14 December 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026