
බිලියනපති ඉලොන් මක්ස් සමඟ තමන්ගේ කිසිම ගනුදෙනුවක් නොමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මස්ක් සහ ට්‍රම්ප් අතරෙර් හටගත් අර්බුදය මේ වනවිට ලොව ප්‍රධාන පුවත බවට පත් වී අවසන්ය. ට්‍රම්ප් මැදිහත් වී මස්ක්ගේ සමාගම්වලට ලබා දුන් රාජ්‍ය කොන්ත්‍රාත්තු අවලංගු කිරීම ද සිදු කර ඇතැයි පැවැසෙයි. ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ තමන් නොමැතිව මස්ක්ට කිසිවක් කළ නොහැකි බවය.
ඇමෙරිකන් ව්‍යාපාරිකයකු වුවත්, ලොව අංක එකේ බිලියනපති වුවත්, ඉලොන් මස්ක් උපතින් දකුණු අප්‍රිකානුවෙකි. එබැවින්, මස්ක් දකුණු අප්‍රිකාවට පිටුවහල් කළ යුතු යැයි ට්‍රම්ප් හිතවාදීන් කීප දෙනකු පවසා ඇත.
මේ අතර ඇමෙරිකා උප ජනාධිපති ජේඩී වැන්ස්, ට්‍රම්ප්ගෙන් සහ ඉලොන් මස්ක්ගෙන් ඉල්ලා ඇත්තේ හටගත් විරසකය වහා නවත්වන ලෙසටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd