
සුප්‍රසිද්ධ කේ පොප් - ‘බීටීඑස්’ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු වන ‘ආර්.එම්.’ සහ ‘වී’ දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය අවසන් කර ඇත. ‘ආර්.එම්.’ සහ ‘වී’ එරට හමුදාවට සමුදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ‘ආර්.එම්.’ සහ ‘වී’ මෙලෙස හමුදා සේවයෙන් ඉවත් වීම, ‘බීටීඑස්’ රසිකයන්ට සුබ ආරංචියක් බවය. ‘බීටීඑස්’ සංගීත කණ්ඩායම සාමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විතය.
ඔවුන් සියලු දෙනා හමුදා සේවයට අනුයුක්ත කෙරුණු අතර, සංගීත කණ්ඩායමේ සාමාජිකයන් කීප දෙනකු මේ වනවිටත් හමුදා සේවය අවසන් කර ඇතැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd