
දකුණු අප්‍රිකාවේ පාසල් දරුවන් රැගත් බස් රියක් හදිසි සැඬ පහරට හසුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සැඬ පහරට හසුවී ගසාගෙන ගිය බස් රියේ දරුවන් 30 දෙනකු පමණ සිටි බවය. බේරා ගැනීමට හැකිවූයේ දරුවන් තිදෙනකු බව ද පැවැසෙයි.
දකුණු අප්‍රිකාව අප්‍රිකා මහද්වීපයේ පහළින් පිහිටි රාජ්‍යයයි. මේ වනවිට දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් ප්‍රාන්තයේ, ක්වාසුල් නටාල් පළාත දැඩි අයහපත් කාලගුණයෙන් බැටකයි. මහ වැසි පමණක් නොව, හිම පතනයක් සිදුවෙයි. දහස් ගණනකට විදුලිය ද අහිමි වී ඇත.
මහ වැසි හේතුවෙන් ගංගා පිටාර ගලා, පාසල් බස් රිය ගමන් කළ මාර්ගය හදිසියේ ජලයෙන් යටවුණු බවත්, බස් රිය මාර්ගයේ ඉදිරියට යෑමට උත්සාහ ගනිද්දී එය ගසාගෙන ගිය බවත් දකුණු අප්‍රිකා රජයේ ප්‍රකාශකයකු වන කුසෙල්වා රන්ජි මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන්, මාර්ග සහ ගම්මාන රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත් වාර්තා වේ. මේ අතර, සැඬ ජල පහරට හසුවීමෙන් තවත් පුද්ගලයන් හය දෙනකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු අප්‍රිකා පාසල් බසයක් ගසාගෙන යයි