
හටගත් විරසකයට තිත තබමින්, ඇමෙරිකා බිලියනපති ඉලොන් මක්ස්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලීමක් කළේය. ඒ දුරකතන ඇමතුමක් දෙමිනි.
ප්‍රසිද්ධියේ ට්‍රම්ප්ට බැණ වැදීම, ට්‍රම්ප් විවේචනය කිරීම සම්බන්ධයෙන් මක්ස් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලා සිටි බවත්, ට්‍රම්ප් මස්ක්ට සමාව දී ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළ ජනාධිපති ට්‍රම්ප් සහ ඉලොන් මස්ක් අතරේ මත ගැටුම් හටගත්තේ, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පනත හේතුවෙනි. එම පනත මස්ක්ගේ දැඩි විවේචනයට ලක් වුණු අතර, එම පනත හරහා අයවැය හිඟය වැඩිවන බව ද මස්ක් පැහැදිලි කර ඇත. දෙදෙනා අතර මත ගැටුම් උත්සන්න වෙද්දී, ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් කළ යුතු බව ද මස්ක් සමාජ මාධ්‍ය ඔස්සේ පැවැසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප්, මස්ක්ට තර්ජනය කළේ මස්ක්ගේ ‘ටෙස්ලා’ සහ ‘ස්පේස් එක්ස්’ යන සමාගම් සඳහා රජයෙන් ලැබෙන සහන සහ කොන්ත්‍රාත්තු කපා හරින බවටය. ඊට අමතරව, තමන් නැතිව මස්ක්ට කිසිවක් කළ නොහැකි බවත්, ඔහු උමතුවෙන් ක්‍රියා කරන බවත් ට්‍රම්ප් පෙරළා චෝදනා නැගුවේය.
මස්ක් ද පෙරළා ට්‍රම්ප්ට දොස් නගන්න වූයේ ට්‍රම්ප් තමාගේ උදව් නොමැතිව ජනාධිපතිවරණය පරාජය වීමට ඉඩ තිබූ බවත්, ට්‍රම්ප්ගේ නම ”එප්ස්ටයින් ගොනු”වල ඇති බවත්ය. එප්ස්ටයින් ලිපි ගොනු යනු මූල්‍යවේදියෙකු සහ ලිංගික අපරාධකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ ක්‍රියාකාරකම් සහ ඔහු සමඟ සම්බන්ධ වූ ඉහළ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳව ඇමෙරිකන් ෆෙඩරල් බලධාරීන් විසින් එකතු කරන ලද ලේඛන එකතුවකි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉලොන් මස්ක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි