ඉන්දීය ගුවන් අනතුරින් දිවි ගලවා ගත් 40 හැවිරිදි විශ්වාෂ් කුමාර් රමේෂ් නමැති ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයා, ඉන්දියාවට පැමිණ ආපසු යද්දී මෙම අනතුරට මුහුණ දුන් බව පැවැසෙයි.
ශ්වාෂ් කුමාර් රමේෂ් ඉන්දියාවට පැමිණ ඇත්තේ, 45 හැවිරිදි සොහොයුරා අජේ කුමාර් ද සමඟය. ගුවන් අනතුරින් අජේ කුමාර් මියගියේය. සුළු තුවාල ලබා දිවි බේරාගත් කුමාර් රමේෂ්, අහ්මදාබාද් රෝහලට ඇතුළත් කෙරුණි. දින කීපයකින් ඔහු රෝහලෙන් පිටවී යනු ඇතැයි වෛද්‍යවරුන් පවසා ඇත.
ගුවන් අනතුර ගැන සැලවීමෙන් තමන් අතිශය කම්පනයට පත්වුණු බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැවැසුවේ, සමාජ මාධය ඔස්සේ සටහනසක් තබමිනි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ද අනතුර සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බව නිවේදනය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ගියේය. අනතුර සිදුවුණු ස්ථානය දැක බලා ගැනීමෙන් පසු මෝදි රෝහලට ගොස් අනතුරින් දිවි ගලවා ගත් විශ්වාෂ් කුමාර් රමේෂ් ද හමුවිය.
(එන්.ඩී.ටීවී.)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනතුරින් බේරුණු රමේෂ් හමුවන්න මෝදි ගිහිල්ලා