(ජේ ඒ එල් ජයසිංහ, චන්දන උඩුවාවල සහ ෂේන් සෙනෙවිරත්න)

මධ්‍යම කඳුකරයට ඇද හැළෙන අඛණ්ඩ වර්ෂාවත් සමග  වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාවය ඉහළ ගොස් ,එහි වාන් දොරටු 07 ක් ස්වයංක්‍රීයව විවෘත වූ බව වික්ටෝරියා වේල්ල භාර ඉංජිනේරූ වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.

වත්මන් ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438 .12 (438.12 MSL ) දක්වා ඉහළ ගොස් ඇති බවද , මහවැලි අධිකාරියේ වික්ටෝරියා ජලාශ භාර ඉංජිනේරූ  ඇහැලපිටිය මහතා පවසයි,

වේල්ලේ වාන් දොරටු විවෘත වීමත් සමග තත්පරයට කියුබික් මීටර් 504 (504 M /3 SEC)අධික ජල ධාරිතාවයක් මහවැළි ඟඟට මුදාහැරේ

ජලාශ වේල්ල භාර ඉංජිනේරූවන් තාක්ෂණ නිලධාරින් ඇතුලු කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී වික්ටෝරියා වේල්ල සහ අවට ජලාශ පෙදෙස නීරීක්ෂණ කටයුතු වල යෙදෙති.