(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව ඇති බව ශේ‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කතානායක ෙෙවද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට  දැනුම් දුන්නේය

කෙසේ වෙතත්, කාරක සභා අවස්ථාවේදී සංශෝධන හතරකට යටත්ව මෙම පනත් කෙටුම්පත සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර අැත.

දීර්ඝ කරන ලද පොලිස් රඳවා තබාගැනීම් පිළිබඳ වගන්තිවලට අදාළ වෙනස්කම් සහ අධීක්ෂණ බලතල සඳහා අභියාචනාධිකරණය වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය ආදේශ කිරීම ඇතුළු සංශෝධන ඒ අතර වන බව‍ කතානායකවරයා සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරිණ.

මේ අනුව රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ළගදීම විවාදයට ගැනෙනු අැත