යුද්ධය නිමා කරන්න සාම සැලැස්මක් - පුටින් රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ස්ලොවේකියාව සාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර, ඊට කන්දීමට තමන් සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 28 December 2024
කොරියා හමුදා සෙබළුන් යුක්රේන හමුදා ග්‍රහණයේ රුසියාවට සහාය පළ කරමින්, යුක්රේන යුද්ධයට සම්බන්ධ වී සිටින, උතුරු කොරියානු සොල්දාදුවන් පිරිසක්, යුක්රේන හමුදාව විසින් අල්ලා ගනු ලැබූ බව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවකදී පැවැසීය. 28 December 2024
බ්‍රිතාන්‍ය රාජකීයයන් හමුවන්න ට්‍රම්ප් සූදානම් ජනවාරි 20 වැනිදා ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු බ්‍රිතාන්‍යයට පැමිණෙන්නැයි බ්‍රිතාන්‍ය රජ පවුල ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇරැයුම් කර ඇත. 28 December 2024
ආචාර්ය මන්මෝහන් සිං අවසන් ගමන් යයි ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද (28) පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි. ඒ, නවදිල්ලියේ මහජන ආදාහන භූමියක් වන නිගම්බෝද් ගාට්හිදීය. 28 December 2024
ඇමෙරිකාවේ නත්තල් ගසක මිල අහස උසට දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම සහ ශ්‍රම බළකා හිඟය හේතුවෙන් ඇමෙරිකාවේ නත්තල් ගස් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් මෙවර නත්තලේදී ගසක් ඇමෙරිකානු ඩොලර් 80-100 ( ශ්‍රී ලංකා රුපියල් 25,000 ක පමණ) ත් අතර මිලකට අලෙවි වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 26 December 2024
කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය හමුවෙලා අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය මේ වනවිට හමුවී ඇත. 26 December 2024
ජපන් ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් ජපන් ජාතික ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද වූ අතර ගුවන් බලධාරීන් ඒ සම්බන්ධයෙන් මගීන්ගෙන් සමාව ඉල්ලීමක් ද කළ බව වාර්තා වේ. 26 December 2024
ට්‍රම්ප්-බයිඩන්ගෙන් එකිනෙකට වෙනස් විදියේ නත්තල් පණිවුඩ ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන ජනාධිපති ජෝ බයිඩන් සහ නව ජනාධිපති ලෙස එම ධුරය බාර ගැනීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකට වෙනස් නත්තල් පණිවුඩ වීඩියෝ දෙකක් නත්තල වෙනුවෙන් නිකුත් කර ඇත. 26 December 2024
යුක්රේනයට දිගටම අවි ආයුධ ලබා දෙනවා ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, නත්තල් දා යුක්රේනයේ නගර කීපයකට, රුසියාවෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය තරයේ හෙලා දකිමිණි. 26 December 2024
මොසැම්බික් හිරෙන් 1,500 ක් පනිති මොසැම්බික් බන්ධනාගාර බලධාරීන් පැවැසුවේ පලා ගිය රැඳවියන්ගෙන් 150 දෙනකු අල්ලා ගැනීමට හැකිවුණු බවය. සෙසු පිරිස සොයා දිගටම මෙහෙයුම සිදු කරන බවත් බන්ධනාගාර බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති. 26 December 2024
ස්ත්‍රී දූෂකයන්ට-මිනීමරුවන්ට මරණ දඬුවම දෙන්න ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට කිසිදු සමාවක් නොදිය යුතු බවත්, ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු බවත්, ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි. 25 December 2024
ගෝලීය සාගතය ඔඩුදුවයි ගෝලීය සාගතය ඔඩුදිවීමට පටන් ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. මීට හේතුව වී ඇත්තේ ලෙව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අඩු කිරීම යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. 25 December 2024
කුරුල්ලෝ ගුවන් යානයක් බිම දමති පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටුණි. අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි. 25 December 2024
සිරියානු ජනපති බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ අස්මා, දික්කසාද වීමට කැමැත්ත පළ කර ඇති බවත්, බ්‍රිතාන්‍යය බලා යෑමට කැමැත්ත පළ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 December 2024
ට්‍රම්ප් යළි ග්‍රීන්ලන්තය ඉල්ලයි ආක්ටික් කලාපයේ විශාල දූපතක් ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය මිලදීගෙන එය ඇමෙරිකාවට එක් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සූදානම් වෙයි. ට්‍රම්ප් මෙම යෝජනාව ගෙන ආවේ 2019 වසරේදී ඔහු පළමු වරට ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටිද්දීය. 24 December 2024
බ්‍රසීලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටී 10 දෙනෙක් මියයති දකුණු දිග බ්‍රසීලයේ සංචාරක නිකේතනයකට කුඩා පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටුණි. අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ද ඇතුළු 10 දෙනා ජීවිතක්ෂයට පත්වූහ. යානයේ සිට ඇත්තේ, නියමුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ය. නිවාඩු නිකේතනයේ සිටි 17 දෙනකු ද අනතුරින් තුවාල ලැබූ බව පැවැසෙයි. 23 December 2024
ස්ලොවේකියා අගමැති පුටින් හමුවන්න ඇවිල්ලා ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ හදිසියේ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය. 23 December 2024
තුර්කි විදේශ ඇමැති සිරියාවේ සංචාරයක තුර්කි විදේශ ඇමැති හකාන් ෆිදාන්, සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියාවේ බලය අල්ලා ගත් විපක්ෂයට සහාය දක්වන සන්නද්ධ සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාරා හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ, බෂාර් අල් අසාද් බාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ සමඟිය සහ ස්ථාවරත්වය ගොඩ නැගීමට සහාය පළ කරමිණි. 23 December 2024
කුවේට් රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් අරඹමින් කුවේට් රාජ්‍යය බලා ගියේය. කුවේට් එමීර් ෂෙයික් මෙෂාල් අල් අහ්මද් අල් ජබාර් අල් සබාහ්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 23 December 2024
තායිවාන පාර්ලිමේන්තුව නොසන්සුන් තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය. 22 December 2024
පාකිස්තාන හමුදාවට ඇෆ්ගන් ප්‍රහාරයක් දේශසිමා හරහා ඇෆ්ගන් සටන්කාමීන් කණ්ඩායමක් පාකිස්තාන හමුදාවට පහර දුන් බව පැවැසෙයි. එම ප්‍රහාරයෙන්, පාකිස්තාන හමුදා සාමාජිකයෝ 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 22 December 2024
ඇල්බේනියාවේ ටික්ටොක් තහනම් ඇල්බේනියාවේ TikTok තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත. ඒ වසරක කාලයක් සඳහාය. 22 December 2024
ට්‍රම්ප් හමුවන්න තමන් සුදානමින් ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට තමන් සූදානමින් සිටින බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 22 December 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීනුවෝ 17 ක් මරුට ගාසා තීරයේ අවතැන් වූවන් රැඳී සිටින කඳවුරකටත්, තුවාලකරුවන් ප්‍රතිකාර ලබන රෝහලයකටත් ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් එල්ල කළේය. 22 December 2024
කටාරයේ සිරියානු තානාපති කාර්යාලයක් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා බලය අල්ලා ගත් විපක්ෂය පිහිටුවා ඇති නව අන්තර්වාර රජය, කටාර් රාජ්‍යය සමඟ යහපත් සබඳතා ආරම්භ කරමින්, කටාරයේ සිරියානු තානාපති කාර්යාලයක් ද පිහිටුවා ඇත. 22 December 2024
නත්තල් වෙළෙඳපොළට මෝටර් රථයක් කඩා වදී ජර්මනියේ මැග්ඩබෑග් නගරයේ නත්තල් වෙළෙඳපොළක සෙනඟ අතරට මෝටර් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබේ. 22 December 2024
යේමනයේ හවුති සටන්කාමීන්ට ප්‍රහාර යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර, ඇමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. 22 December 2024
රාහුල් ගාන්ධිට පැමිණිල්ලක් ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධීට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කර ඇත. ඒ, භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි. 22 December 2024
ලයිබීරියා කතානායක පොලිසියේ ලයිබිරියා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් එරට පොලීසිය, කතානායක ජොනතන් ෆොනාටි කොෆා අත්අඩංගුවට ගෙන ඇතැයි පැවැසෙයි. 22 December 2024
මියන්මාර හමුදා පාලනය බිඳ වැටෙන ලකුණු සන්නද්ධ කැරළි කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හමුවේ මියන්මාර හමුදා පාලනය බිඳී යමින් පවතින බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. 22 December 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026