
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ස්වීඩන ක්‍රියාකාරිනියක වන 22 හැවිරිදි ග්‍රෙටා තන්බර්ග් විවේචනය කර ඇත. ඒ, පසුගිය දා ඇය සහ තවත් ක්‍රියාකාරීන් පිරිසක්, ඊශ්‍රායලයට විරෝධය පෑම හේතුවෙනි.
‘ග්‍රෙටා තන්බර්ග් කියන්නේ අමුතු තැනැත්තියක්. හැමතිස්සෙම කේන්තියෙන් ඉන්න තරුණියක්. ඇයට පලස්තීනුවන් ගැන ඇත්තටම කැක්කුමක් තියෙනවාදැයි කියන්න දන්නේ නැහැ. ඒත් ඇයට කේන්ති යනවා. ඇය ඇගේ කේන්තිය පාලනය කරගන්න ප්‍රතිකාර ලබා ගන්න ඕනෑ’ යැයි ට්‍රම්ප් ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයනකට පිළිතුරු දෙමින් පැවැසීය.
ගාසා තීරයට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ඊශ්‍රායල හමුදාව තමන් පැහැර ගත් බවට ග්‍රෙටා චෝදනා කරයි. මාධ්‍යවේදීන් ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ ඇගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙනි.
ග්‍රෙටා සහ බටහිර ක්‍රියාකාරීන් පිරිසක් බ්‍රිතාන්‍ය රජයට අයත් ‘මැඩ්ලීන්’ නමැති නෞකාවෙන් ගාසා තීරය බලා යෑමට උත්සහ කළේ පසුගිය සතියේය. ඒ, ඊශ්‍රායලය යුද අපරාධ කරන බවට චෝදනා නගමින්, ගාසා වැසියන් වෙනුවෙන් ආධාර ද රැගෙනය. ග්‍රෙටා ඇතුළු ක්‍රියාකාරීන්ට සහාය දැක්වූයේ පලස්තීන හිතවාදී ෆ්‍රීඩම් ෆ්ලොටිලා සන්ධානයයි.
කෛස් නමුත් ඊජිප්තුවට ඔබ්බෙන් මුහුදේදී, ඉහ්‍රායලය හමුදා රුවල් නැවට කඩා වැදී, ග්‍රෙටා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අතර, පසුව ඊශ්‍රායල රජය ඔවුන් පිටුවහල් කෙරුණි. යළි ස්වීඩනයට පැමිණි පසු, ග්‍රෙටා මාධ්‍ය හමුවේ චෝදනා නගන්න වූයේ ඊශ්‍රායලය යුද අපරාධ කරන බවටත්, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවටත්ය. රුවල් නැව තවමත් ඇත්තේ ඊශ්‍රායල හමුදා භාරයේය.
ට්‍රම්ප් තමන් විවේචනය කිරීම සම්බන්ධයෙන් ග්‍රෙටා ද පෙරළා ට්‍රම්ප්ට චෝදනා නගා ඇත. ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීන වැසියන් අමුඅමුවේ ඝාතනය කරන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය ලැබෙන බැවින් යැයි ග්‍රෙටා ට්‍රම්ප්ට චෝදනා නගා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප්-ග්‍රෙටා පැටලෙති