
කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ ඇන්ජින් දෙකේ ක්‍රියාකාරීත්වය කෙසේදැයි යන්න එම ගුවන් සමාගමේ සභාපතිවරයා පැහැදිලි කර ඇත. ඒ අනතුර සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වද්දීය.
එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත්, කඩා වැටුණු මෙම බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයේ, එක් ඇන්ජිමක් අලුතින් සවි කරන ලද්දක් බවත් අනෙක් ඇන්ජිම මෙම වසරේ දෙසැම්බරය තෙක් සේවා සැපයීමට නියමිතව තිබුණු බවත් එයාර් ඉන්දියා ගුවන් සමාගමේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහමදාබාද් නුවර සිට ලන්ඩන් බලා පියාසර කිරීමට සූදානම් වෙද්දී, ගුවන් යානය කඩා වැටුණේ ගුවන්ගත වී මිනිත්තුවක් ගතවීමටත් පෙරය.
මේ වනවිට යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය හමුවී ඇති අතර, යානයේ අනතුරට හේතුව ඒ අනුව දැන ගැනීමට හැකිවනු ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd