IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

ඉරානයට කළ පහර දීමෙන් පසු, යේමනයේ සිටින ඉරාන හිතවාදී හවුති සටන්කාමීන් ද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. කෙසේ නමුත් එම මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දැමීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් විය.

යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස ඇමෙරිකාව නම් කර ඇති අතර, ඇමෙරිකාව හවුති සටන්කාමීන්ට දිගින් දිගටම පහර දෙමින් සිටී.

මේ අතර, ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට පතිත වූ ඉරාන මිසයිලයක් ගොඩනැගිලි රැසක් බිමට සමතලා කළ බව පැවැසෙයි. ඊයේ (13) එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු, දිගින් දිගටම යුදෙව් ඊශ්‍රායලයෙන් පළිගන්නා බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රතිඥා දී ඇත.

ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් ඉරානය ත්‍රස්තවාදී රාජ්‍යයක් බව පවසමින්, ඉරානයට දිගින් දිගටම පහර දෙන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත. මීට අමතරව, ඉරානය දැවී අළු වෙන තුරු පහර දෙන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත.



අදහස් (3)

යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

රනේ Saturday, 14 June 2025 06:22 PM

අහන දකින දේ ගැන බයේ බෑ අප්පා..

:       2       27

Nandalal DE SILVA - France Saturday, 14 June 2025 11:35 PM

ඉරානය ඊශ්‍රායලයට පහරදී, අසරණ, නිරායුධ සිවිල් වැසියන් අමු අමුවේ සමූලඝාතනය කිරීම ලොකු හපන් කමක් ලෙස සැලකුවද, ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර ඉරානයට එල්ල කරන්නේ එහි තිබෙන න්‍යෂ්ටික අවි නිපදවන ස්ථාන විනාශකර කලාපීය සාමය ස්ථාපිත කිරීමට බව අමුතුවෙන් කිවයුතු නැත... ඇමරිකාව ඇතුලු බටහිර ලෝකයේ රටවලට ඉරානය කරන තර්ජන, ඔවුන්ටම පාරා වළලු වීමට වැඩි කලක් නොයනු ඇත. මීටර් විශාල ගණනක් යට භූගත, රහසිගතව සඟවා ගෙන තිබෙන න්‍යෂ්ටික අවි වර්ග එක මිසයිල ප්‍රහාරයකින් අවි දූලි කිරීමට ශක්තිය ඇති අවි දැනට ලෝකයේ තිබෙන එකම රට ඇමරිකාව බව ඉරාන කළු කබා මොල්ලාවරුන්ට මතක් කර දීමට කාලය පැමිණ තිබෙනවා.

:       21       1

TrimpSunday, 15 June 2025 08:01 PM

එතකොට ඇමරිකාවේ තියන න්‍යශ්ටික අවි....?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1167 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1172 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site