ඉරාන රජයේ ඉහළ ප්‍රධානීන් සහ යුරෝපා බටහිර රටවල විදේශ අමාත්‍යවරුන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල ඉරාන ගැටුම සම්බන්ධයෙනි.
ඉරාන රජයේ ඉහළ ප්‍රධානීන් සහ යුරෝපා බටහිර රටවල විදේශ අමාත්‍යවරුන් එකිනෙකා හමුවෙමින් සාකච්ඡා පැවැත්වූයේ හටගත් අර්බුදය කඩිනමින් අවසන් කළ යුතු ආකාරය පිළිබඳවය.
ඉරාන රජයේ නිලධාරීන් කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිය. ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත්වූයේ, ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරෝ, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී, ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වේඩ්ෆුල් සහ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කායා කැලස්ය.
මේ වනවිට එම ගැටුමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැදිහත් වී සිටින අතර, ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට පහර දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සති දෙකකින් තීන්දුවක් ගන්නා බවය.
ඉරානයට මේ ආකාරයෙන් සති දෙකක් ලබා දීම සම්බන්දයෙන් ඊශ්‍රායලය කනස්සල්ල පළ කර ඇත.
(අල් ජසීරා)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යුරෝපා විදෙස් ඇමැතිවරු ඉරාන නිලධාරීහු හමුවෙති