IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඇමෙරිකන් මන්ත්‍රීවරියකට වෙඩි ප්‍රහාරයක්

ඇමෙරිකාවේ ජනපද මන්ත්‍රීවරියක සහ ඇගේ සැමියා වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඝාතනය කර ඇත්තේ මිනසෝටා මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ මිනසෝටා ජනපද නියෝජිත මෙලීසා හෝට්මන් සහ ඇගේ සැමියා යැයි ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.

මිනසෝටා ජනපද සෙනෙට් සභික ජෝන් හොෆ්මන් සහ ඔහුගේ බිරිඳට ද එම අවස්ථාවේ වෙඩිප්‍රහාරයක් එල්ල වුණු බවත්, ඔවුන් බරපතළ තුවාල සහිතව රෝහල්ගත කළ බවත් වාර්තා වේ.

වෙඩි තැබීම කර ඇත්තේ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි අයෙකි. පොලිස් නිල ඇඳුමින් සැරසුණු මෙම වෙඩික්කරු මෝටර් රථයකින් ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණ වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු පලා ගොස් ඇති අතර ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව නොමැති බවද පැවැසෙයි. පොලිසියත්, එෆ්.බී.අයි. කාර්යාංශයත් වෙඩික්කරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

වෙඩි ප්‍රහාරය සම්බන්ධව ඇමෙරිකන් නීතිපති පැමෙලා බොන්ඩ් පවසා ඇත්තේ වෙඩි තැබීම රාජ්‍ය නීති සම්පාදකයන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් ලෙස තමන් දකින බවය.



අදහස් (0)

ඇමෙරිකන් මන්ත්‍රීවරියකට වෙඩි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1167 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1172 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site