අදානී සමාගම බංග්ලාදේඔයේ විදුලිය කපයි ශිෂ්‍ය අරගලයෙන් පසු දේශපාලන අර්බුදයකට මුහුණ දුන් බංග්ලාදේශය මේ වනවිට විදුලි බල අර්බුදයකට ද මුහුණ පා සිටී. ඒ, බංග්ලාදේශයට විදුලිය ලබා දෙන, ඉන්දියාවේ අදානී සමාගම, ලබා දෙන එම විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බැවිනි. 02 November 2024
කමේනිගෙන් අනතුරු ඇඟවීම් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, ඊශ්‍රායලයට පමණක් නොව ඇමෙරිකාවට ද අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, ඊශ්‍රායලය ඇමෙරිකාවේ සහාය ඇතිව ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙනි. 02 November 2024
කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක් බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය. 02 November 2024
උතුරු කොරියන් සෙබළු 8,000 ක් යුක්රේන දේශසීමාවේ උතුරු කොරියන් සෙබළු 8,000 ක් රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන දේශසීමාවේ රැඳී සිටින බවත්, එම සෙබළුන් රුසියාව සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වැදීමට නියමිත බවත් ඇමෙරිකාව පවසයි. 01 November 2024
දෙන්න බැරි මුදලක් රුසියාව ගූගල් සමාගමෙන් ඉල්ලයි රුසියන් අධිකරණයක්, ගූගල් සමාගමෙන්, ගෙවීමට අපහසු විදියේ, දඩ මුදලක් ඉල්ලා ඇත. එම මුදල ඇමෙරිකන් ඩොලර්වලින් 20,000,000,000,000,000,000,000,000,000,000,000 කි. 01 November 2024
ස්පාඤ්ඤයේ ජල ගැලීම් 158 ක් බිලිගනී ස්පාඤ්ඤය කැලැඹූ ජල ගැලීම්වලින් මියගිය ගණන දිනෙන් දින ඉහළ යන බවත්, මියගිය ගණන 158 දක්වා ඉහළ ගිය බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 01 November 2024
බොට්ස්වානා පාලන පක්ෂයට බලය අහිමි වෙයි මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, බලයේ සිටින පාලක පක්ෂය වන බොට්ස්වානා ජනාධිපති මොක්ග්වීට්සී මසීසීගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ එක් ආසනයක් පමණි. 01 November 2024
උතුරු කොරියාවෙන් උදවු ගැනීම වරදක් නොවෙයි - රුසියාව රුසියන් යුක්රේන යුද්ධයේ දී, බටහිර රටවල් එක් වී, යුක්රේනයට සහාය දක්වන්නේ නම්, රුසියාව උතුරු කොරියාවේ සහාය ලබා ගැනීම වරදක් නොවන බව එක්සත් ජාතීන්ගේ රුසියන් නියෝජිත වසීලි නෙබෙන්සියා පවසයි. 31 October 2024
උතුරු කොරියාව ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි උතුරු කොරියාව ප්‍රබල බලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. යුද ශීර්ෂයක් ද සවි කළ හැකි මෙම බැලැස්ටික් මිසයිලය ‘වාසොංග් 15’ යනුවෙන් නම් කර ඇත. 31 October 2024
ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය. 31 October 2024
මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 30 October 2024
ඔස්ට්‍රියාවේ නගරාධිපතිවරයෙක් ඝාතනය කෙරේ ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට පොලිසිය කියයි. 29 October 2024
කාන්තාවෝ තිදෙනෙක් උඩ යවන්න චීනය සූාදනම් චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිදෙනකු බව චීනය පවසා ඇත. 29 October 2024
පලස්තීනයට ටොන් 30 ක ඖෂධ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් යැවීමට ඉන්දීය රජය පියවර ගත්තේය. 29 October 2024
මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය 29 October 2024
හිස්බුල්ලා නව නායකයා ෂෙයික් නායිම් කසීම් ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත. 29 October 2024
පුරාණ මායා නගරයක් සොයා ගැනෙයි මෙක්සිකෝවේ ඝන වනාන්තරයක සැඟවී තිබුණු පුරාණ මායාවරුන්ට අයත් නටබුන් වූ නගරයක් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම නගරය සොයා ගැනීම සිදුවී ඇත්තේ අහම්බෙන් වීම විශේෂත්වයකි. 29 October 2024
ට්‍රම්ප් - කමලා අවසන් ජන රැලි අමතයි ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් මේ වනවිට ඔවුන්ගේ අවසන් ජන රැලිවලට එක් වෙමින් සිටිති. 29 October 2024
ලෙබනනයට එල්ල වුණු ප්‍රහාරයෙන් 60 ක් මියයති ලෙබනනයේ නැගෙනහිරින් පිහිටි බෙක්කා නිම්නයේ බාප්බෙක් නගරයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා කළ පහරදීම්වලින් 60 දෙනකු මියගිය බව පැවැසෙයි. තුවාල ලැබූවන් ගණන 58 කි. 29 October 2024
ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නැයි විරෝධතා යුද ගැටුම් වහා නවත්වා, ගාසා තීරයේ හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් මුදා ගන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙව්ජමින් නෙදන්යාහුට බල කරමින්, ජෙරුසලමේ නෙදන්යාහුගේ නිල නිවස ඉදිරිපිට විරෝධතා පැවැත්වෙයි. 29 October 2024
පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) ඊශ්‍රායල තුළත්, ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේත් ක්‍රියාත්මක වීම තහනම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කළේය. ඒ, එම තහනමට පාර්ලිමේන්තුවේ ඡන්දය හිමිවීමෙන් පසුවය. 29 October 2024
අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්ට්’ පළ කළ බැවිනි. 28 October 2024
බොලිවියා හිටපු ජනපති මොරාලේස් මරන්න හදලා දකුණු ඇමරිකාවාට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊවෝ මොරේලස්ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එය තමන් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් බව මොරාලේස් චෝදනා කරයි. 28 October 2024
ගාසාවට දෙදින සටන් විරාමයක් එම දෙදින සටන් විරාමය අතරතුරේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් සිවු දෙනකු නිදහස් කෙරුණු ඇති බවත්, එම සිවු දෙනා වෙනුවෙන් ඊශ්‍රායල රජය එරට බන්ධනාගාරගතව සිටින පලස්තීනුවන් පිරිසක් මුදා හැරීමට නියමිත බවත් ඊජිප්තු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත. 28 October 2024
ඊශ්‍රායල බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදී 4 ක් මරුට ඊශ්‍රායලයේ, ටෙල් අවීව් නුවර, ජනාකීර්ණ වීදියක, බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදුණි. එම අවස්ථාවේදී බස් රථ නැවතුම මගීන්ගෙන් පිරී තිබුණු අතර, ට්‍රක් රථයට යටවීමෙන් මගීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 කි. 28 October 2024
දමිළ නළු විජේ මැතිවරණ වේදිකාවේ ඉන්දීය දෙමළ නළු විජේ, දේශපාලනයට පිවිසෙමින්, සිය මංගල කතාව පැවැත්වීය. ඒ, තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ. පක්ෂය සංවිධානය කළ ‘තමිල්ග වෙටි්ර කසාගම්’ ජන රැලියට එක් වෙමිනි. 28 October 2024
ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්රටික් පක්ෂය ප්රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. 28 October 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන සෙබළු මැරිලා ඊශ්‍රායල ප්‍රහාරයෙන් තම සෙබළුන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉරානය පවසයි. ඊශ්‍රායලට ඉරානයට මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කළේ පසුගිය පළමු වැනිදා ඉරානය, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. 27 October 2024
ජර්මන් චාන්සලර් ඉන්දියාවේ ඉන්දියාවත්, ජර්මනියත් අතර ද්වීපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් විය. ඉන්දියාවත්, ජර්මනියත් අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් වූයේ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවැති සාකච්ඡාවල ප්රතිඵලවක් වශයෙනි. 27 October 2024
ගඟක් ගිලලා උස යන එවරස්ට් චීන-නේපාල දේශසීමාවේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් එවරස්ට් ශිඛරය, එසේත් නැතිනම් එවරස්ට් කන්ද ලොව උසම කන්දයි. එවරස්ට් කන්දේ උස අඩි 29,031 කි. මීටර්වලින් නම් එය 8,848 කි. එවරස්ට් මුදුනට යෑම අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. 27 October 2024
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026