
යුක්රේන රුසියන් යුද්ධයේදී, දිගින් දිගටම රුසියාවට සහාය දෙන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ සිට, දහස් ගණනක් හමුදා සෙබළුන් රුසියාවට යැවීමට උතුරු කොරියා නායකයා කටයුතු කර ඇත.
එයින් සෙබළුන් බොහෝ දෙනකු යුද පිටියේ දී මියගිය බවත්, යුක්රේන හමුදා අත්අඩංගුවට පත්වුණු බවත් විටින් විට දැන ගන්න ලැබුණි.
රුසියාව සහ උතුරු කොරියාව අසල්වැසියන් වන අතර, උතුරු කොරියා නායකයා සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ සමීප මිතුදම් පවතී. උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන්වලට සහාය දක්වන්නේ ද රුසියාව යැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd