
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ඉදි කළ, ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම, අග්‍රාමාත්‍ය මෝදි අතින් විවෘත කෙරුණි.
චෙනාබ් ගංගාව හරහා ඉදිකර ඇති මෙම පාලම, අයිෆල් කුලුනටත් වඩා මීටර් 35 ක් එනම් අඩි 114 ක් උසින් යුක්ත බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම පාලම ඉදි කිරීමට, ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 20 කට වැඩි කාලයක් ගත වුණු බව ද පැවැසෙයි.
පාලම ඉදිකිරිම ආරම්භ කෙරුණේ 1999 වසරේ දී වන අතර, ඉදිකිරීම් නිම කිරීම සදහා වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් - මිලියන 168 ක් බව ද පැවැසෙයි. පාලම ඉදි කිරීම සඳහා භාවිත කර ඇති යකඩ ප්‍රමාණය ටොන් 28,000 කි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd