
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, දෙදින සංචාරක් සඳහා ඕමානයේ මස්කට් අගනුවරට පැමිණ සිටී.
ඕමාන් සුල්තාන් හයිතාම් බින් ටාරික්ගෙන් ඉරාන ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. මස්කට් ගුවන්තොටුපොළේ දී ඉරාන ජනාධිපතිවරයාට සුවිශේෂී පිළිගැනීමක් හිමිවිය.
ඉරාන ජනාධිපතිවරයා ඕමානයට පැමිණියේ ද ඕමාන් සුල්තාන් හයිතාම් බින් ටාරික්ගේ විශේෂ ඇරැයුමකට අනුවය. ඉරාන ජනාධිපතිවරයා සමඟ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරගාචී ප්‍රමුඛ ඉරාන රජයේ නියෝජිතයන් පිරිසක් ද මෙම ඕමාන සංචාරයට එක් වී සිටිති. ඉරාන ජනාධිපතිවරයා සහ ඕමාන් සුල්තාන්වරයා අතරේ අවබෝධතා ගිවිසුම් 18 කට ද අත්සන් තැබුණි.
(ප්‍රෙස්ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd