
ඉතාලියට අයත්, සිසිලි දූපතේ පිහිටි ‘එට්නා’ ගිනි කන්ද සක්‍රිය වී පුපුරා යෑමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
අඩි 10,925 ක් උසැති ‘එට්නා’ ගිනි කන්ද යනු යුරෝපයේ විශාලතම ගිනි කන්දය. ‘එට්නා’ ගිනි කන්ද විටින් විට පුපුරා ගොස් ඇති නමුත්, දශකයකට පසු එනම් 2014 වසරෙන් පසු, එට්නා ගිනි කන්ද බිහිසුණු අයුරින් පුපුරා ගිය පළමු අවස්ථාව මෙය යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ගිනි කන්ද පිහිටි සිසිලි දූපත සංචාරක ආකර්ශණයකි. ගිනි කන්ද පුපුරා දුම්වලා නිකුත් වෙද්දී, සංචාරකයෝ බොහෝ දෙනෙක් ගිනි කන්ද නැරැඹීමට ගොස් සිටියහ.
කුඩා භූමිකම්පා ද සමඟින් ගිනි කන්දෙන් දුම් වලා නැගෙද්දී, එම සංචාරකයක් පිරිස බියෙන් දුවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. විද්‍යාඥයන් පැවැසුවේ දුම්වලා සමඟ උණු ලාවා නිකුත් වීමක් ද සිදුවුණු බවය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1217
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1196
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
438
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘එට්නා’ පුපුරද්දී සංචාරකයෝ පලායති