IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ග්‍රහකයකින් සාම්පල ගේන්න රොබෝ යානයක් යවයි

ග්‍රහකයකින් පස් සාම්පල රැගෙන ඒමේ අරමුණින්, චීනය රොබෝ ගවේෂණ යානයක් පිටත් කළේය. 

මෙම මෙහෙයුම පසුපස සිටින්නේ, චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනයයි. චීනය ග්‍රහකයකින් සාම්පල ලබා ගැනීමට රොබෝ යානයක් පිටත් කළ පළමු අවස්ථාව මෙයයි.

මෙම රොබෝ යානය නම් කර ඇත්තේ ‘ටියැංවෙන් 2’ යන නමිනි. ‘ටියැංවෙන් 2’ යානය රැගත් ‘ලෝංග් මාච් 3 බී’ නමැති ප්‍රබල රොකට්ටුව, අලුයම 1.31 ට ගිණිකොනදිග චීනයේ සිචුවාන් පළාතේ පිහිටි ‘සීචැංග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් විය.

‘ටියැංවෙන් 2’ යානයේ ඉලක්කය වන්නේ, ‘469219 කාමෝ ඔලේවා’නමැති ග්‍රහකයයි. තාරකා විද්‍යාඥයන් මෙම ග්‍රහකය සොයා ගනු ලැබුවේ 2016 දීය. එහෙයින් මෙම ග්‍රහකය ‘2016එච්.ඕ.3’ යන නමින් ද හැඳින්වෙයි.

මෙම ග්‍රහකය ලබන වසරේ දී, එනම් 2026 දී, පෘථිවියට ආසන්න වෙයි. ග්‍රකය පෘථිවිය අසලින් යනු ඇත්තේ කිලෝ මීටර් මිලියන 16 ක දුරකිනි. ‘469219 කාමෝ ඔලේවා’ ග්‍රහකය, සඳුගෙන් වෙන් වුණු කැබැල්ලක් බව පැවැසෙයි. මෙය පෘථිවිය අසලින් යන්නේ 2026 වසරේ ජූලි මාසයේය.

චීන විද්‍යාඥයන් පවසන්නේ, ‘ටියැංවෙන් 2’ යානය, ලබන වසරේ දී ‘469219 කාමෝ ඔලේවා’ ග්‍රහකයට ළං වී එය සමඟ ගමන් කරනු ඇති බවත්, 2027 නොවැම්බරයේ දී යානය ග්‍රකයට පතිත කරනු ඇති බවත්ය.

ග්‍රහකවලට රොබෝ යානා යවා, ඒවායින් පස් සාම්පල ලබා ගැනීමට හැකි වුණු රටවල් සිටින්නේ දෙකක් පමණි. ඒ, ඇමෙරිකාව සහ ජපානයයි. චීනය මෙම වික්‍රමය සාර්ථකව නිම කළහොත්, එය අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් චීනය ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇත.



අදහස් (0)

ග්‍රහකයකින් සාම්පල ගේන්න රොබෝ යානයක් යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site