
කැනඩා නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇමතුමක් දී, කැනඩාවේ පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙන්නැයි ඇරැයුම් කළේය.
ඉන්දියාව, කැනඩාව ‘ජී7’ කන්ඩායමේ සාමාජිකයන් වන අතර, සමුළුව එලැඹෙන 15 වැනිදා සිට 17 වැනිදා තෙක් කැනඩාවේ දී පැවැත්වීමට නියමිතය. සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිය.
දුරකතන ඇමතුමක් දී කැනඩා අග්‍රාමාත්‍යවරයා කළ එම ඇරැයුම තමන් පිළිගත් බව අග්‍රාමාත්‍ය මෝදි පැවැසුවේ, එක්ස් ගිණුමේ සටහනක් තබමිනි. කැනඩා අග්‍රාමාත්‍යවරයාට ස්තුති කිරීමට ද මෝදි අමතක කළේ නැත.
ඉන්දියාවත් කැනඩාවත් අතරේ අර්බුදයක් නිර්මාණය වූයේ කාර්නිට පෙර, ජස්ටින් ටෲඩෝ කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දීය. කැනඩාවේ දී කැනඩා පුරවැසියකු වූ සීක් ජාතිකයක තරුණයෙකු ඝාතනයට ලක් විය.
ඉන්දියාවට අනුව මොහු කනඩාවට ගොස් පුරවැසිභාවය ලබාගත් කලිස්තානි බෙදුම්වාදී ත්‍රස්ත නායකයෙකි. මෙම සිද්ධියේදී ඉන්දීය රජයට චෝදනා එල්ල වූ අතර, ඉන්දියාවත් කැනඩාවත් අතර විරසකයක් නිර්මාණය වීමට එය හේතු විය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd