
ආසියානු රටවලින් ආරම්භ වී, යුරෝපයටත්, ඇමෙරිකාවටත් ව්‍යාප්ත වූ ‘කොවිඩ් 19’ නව වයිරසයේ ප්‍රභේදය වන ‘එන්.බී.1.8.1’ සම්බන්ධයෙන් තමන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘එන්.බී.1.8.1’ නමැති මෙම නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත. මුඛ ආවරණ පැලඳීම, දෑත් පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
‘එන්.බී.1.8.1’ නව ප්‍රභේදය, විකෘතිකරණයට ලක් වුණු ප්‍රභේද රැසකින් නිර්මාණය වී ඇති එබැවින් එය වේගයෙන් ව්‍යාප්ත වෙන බව ද පැවැසෙයි. මේ වනවිට වැඩියෙන්ම ආසාදිතයක් වාර්තා වී ඇත්තේ, ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, චීනයෙන්, තායිලන්තයෙන්, තායිවානයෙන්, දකුණු කොරියාවෙන්, ස්පාඤ්ඤයෙන්, නෙදර්ලන්තයෙන්, ප්‍රංශයෙන් සහ ජපානයෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd