
සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව පැවැත්වෙන විරෝධතා උත්සන්න වීමත් සමඟ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය පනවා ඇත.
පොලිසිය සහ හමුදාව සමඟ ගැටෙන විරෝධතාකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙලෙස ඇඳිරි නීතිය පැනවූ බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිය කැරන් බාස් මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කර ඇත.
කලහකාරී පිරිස් විසුරුවා හැරීමටත්, විරෝධතා මර්දනයටත්, පොලිසිය සහ හමුදාව යෙදවීමට අණ දුන්නේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. කලහකාරීන් මර්දනයට යෙදවූ හමුදා භටයන් අතරේ, මැරීන් සෙබළුන් ද සිටින බව පැවැසෙයි.
නගරාධිපතිනී කැරන් බාස්, චෝදනා කර ඇත්තේ, ට්‍රම්ප් මෙසේ හමුදාව යොදවා විරෝධතා මර්දනය කිරීමට උත්සාහ ගැනීම, විරෝධතා තවත් උත්සන්න වීමට හේතුවක් වුණු බවය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා උදෑසන 6 දක්වා යැයි නගරාධිපතිනිය පැහැදිලි කර ඇත.
සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව පැවැත්වෙන විරෝධතා පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස් නුවර පමණක් නොව, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේත් සැන් දියේගෝ නගරයේත් විරෝධතා පැවැත්වෙයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයන් එරටින් පිටුවහල් කිරීමේ නව විධායක නියෝගයකට අත්සන් කර ඇති අතර, ඒ අනුව, ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ සැන්දියේගෝ යන නගරවල සංක්‍රමණික වැටලීම් ආරම්භ විය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිය