
ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කම්පා වෙමින්, යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ සිය කනගාටුව පළ කර ඇත.
ඔස්ට්‍රියාවේ මධ්‍යම යුරෝපා රටකි. මෙය ඔස්ට්‍රියාවේ සිදුවුණු දරුණුතම වෙඩි තැබීමේ සිද්ධිය පමණක් නොව, මධ්‍යම යුරෝපා රටක සිදුවුණු දරුණුතම වෙඩි තැබීමේ සිද්ධිය ද වෙයි.
වෙඩි ප්‍රහාරයෙන් සිසුන් සහ ගුරුවරුන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ පාසලේ සිසුවෙකි. ඔහු ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බව පැවැසිණි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ග්‍රාස් යනු ඔස්ට්‍රියාවේ දෙවැනි විශාලතම නගරයයි. ග්‍රාස් නගරය ඇත්තේ වියානා අගනුවර සිට කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. පාසලේ වෙඩි තැබීම සිදුවූයේ උදෑසන 10 ට පමණය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd