
මධ්‍යම අප්‍රිකා රාජ්‍යයේ, රජයේ පාසලක ඇතිවූ තෙරපීමකින් පාසල් සිසුන් 29 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මධ්‍යම අප්‍රිකා රාජ්‍යයේ බොගන්ඩා නමැති උසස් පාසලේ හටගත් පිපිරීමකින් පසු ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම තෙරපීම හට ගැනුණි.
එම අවස්ථාවේ වයස අවුරු 18ත් 22ත් අතර වයසේ සිසුන් හා තවත් පාසල් හයක සිසුන් පන්දහසක් පමණ එම පාසල තුළ තම අවසන් විභාගයට මුහුණ දෙමින් සිටි බව ද පැවැසෙයි.
හටගත් තෙරපීමෙන් සිසුන් 260 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද පැවැසෙයි.
පිපිරීමත් සමග සිසුන් රැදී සිටි ගොඩනැගිල්ල කඩාවැටීමට ලක්වේයැයි බියෙන් ඇතැම් සිසුන් උඩුමහලෙන් බිමට පැන්න බව ද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd