IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ප්‍රංශ ජනපති මැක්රොන් බ්‍රිතාන්‍ය අගමැති සාකච්ඡා

බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර හමුවක් ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ අංක 10 ලිපිනයේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි. 

ප්‍රංශ ජනාධිපති මැක්රොන්, බ්‍රිතාන්‍යයේ සංචාරය කරන්නේ බිරිඳ බි්‍රජෙත් ත්‍රොග්නෝව් ද සමඟය. ඩවුනින් වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණි, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ බිරිඳ බි්‍රජෙත් ත්‍රොග්නෝව් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ බිරිඳ වික්ටෝරියා විසිනි.

දෙරටට වැදගත් සංක්‍රමණික සහ සරණාගත ගැටලුව සම්බන්ධයෙන්, ස්ටාර්මර් සහ මැක්රොන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

ඊට අමතරව රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේනයට සහාය දැක්වීම සම්බන්ධයෙන් සහ ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම සහ රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට යුක්රේනයට සහාය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි්‍රක්සිට්’ ක්‍රියාවලියෙන් පසු, යුරෝපා නායකයකු බි්‍රතාන්‍යයට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. මැක්රොන් සහ බිරිඳ බි්‍රතාන්‍යයේ දෙවැනි චාල්ස් රජු බැහැ දැකීමට පවා ගියහ. චාල්ස් රජුගෙන් ද ප්‍රංශ ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට ද ප්‍රංශ ජනාධිපතිවරයාට අවස්ථාව උදා විය. ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය අතරේ ඇති මිතුදම් තවත් ශක්තිමත් විය යුතු බවත්, ප්‍රංශය මෙන්ම බ්‍රිතාන්‍යය ද ඇමෙරිකාව සහ චීනය මත පවතින ‘යැපීම්’ නැවැත්වීමට පියවර ගත යුතු බවත් පෙන්වා දුන්නේය.



අදහස් (0)

ප්‍රංශ ජනපති මැක්රොන් බ්‍රිතාන්‍ය අගමැති සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 668 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 547 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site