
ඇෆ්ගන් කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදු කළ අපයෝජන චෝදනා මත වහාම අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය, ඇෆ්ගන් තලේබාන් රජයේ ඉහළම තලෙබාන් නායකයන් දෙදෙනකුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත.
මෙම නායකයන් දෙදෙනා වන්නේ, තලේබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාදා සහ තලේබාන් රජයේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරන අබ්දුල් හකීම් හක්කානිය.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ 2021 වසරේදීය. තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගනිමින්, එරට රජයක් පිහිටුවීම කළේ ඉන් අනතුරුවය.
තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික දළදඩු ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, එම ෂරියා නීතිය යටතේ බාලිකා අධ්‍යාපනය තහනම්ය. එමෙන්ම කාන්තාවන්ගේ අයිතීන් ද උල්ලංඝනය කර ඇත. තලේබාන් ෂරියා නීතිය යටතේ කාන්තාවන්ට රැකියා කිරීම පවා තහනම් කර ඇත.
ඇෆ්ගන් තලේබාන් රජය, නිල වශයෙන් පිළිගැනීමට පියවර ගෙන ඇත්තේ රුසියාව පමණි. ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය, චීනය ආදී රටවල් ඇෆ්ගන් තලේබාන් රජය සමඟ සම්බන්ධකම් පැවැත්වුවත්, තලේබාන් රජය නිල වශයෙන් පිළිගන්නේ නැත. බාලිකාවන්ට සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ ඊට ප්‍රධානතම හේතුව වී ඇත.
2025 දෙසැම්බර් මස 04
668
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇෆ්ගන් තලේබාන් ප්‍රධානීන් අත්අඩංගුවට ගන්න වරෙන්තු